දෙමළ සන්ධානය සමඟ ආණ්ඩුවක් හදන්න ලැබීම අපි ලද විශාල ජයග්‍රහණයක්

උතුරේ දෙමළ ජාතික සන්ධානය දකුණේ ප්‍රධාන පක්ෂයක් වෙච්ච එක්සත් ජාතික පක්ෂය සමඟ ආණ්ඩුවක් හදා එකට වැඩකරන්න ගැනීම ගැන අපි රටක් විදියට සතුටු විය යුතුයි. එසේ වැඩ කිරීම ජාතික ජයග්‍රහණයක් යැයි ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන ගාල්ල උළුවිටිකේදී (25) පවසා ඇත.

එහිදී වැඩිදුරටක් අදහස් දැක්වූ වජිර අබේවර්ධන මෙසේද පවසා ඇත.

නිදහසෙන් පස්සේ අවුරුදු 70ක් ගියා. දමිළ අයගේ නියෝජනයක් කැබිනට් එකේ නැහැ. 77 ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා දිනුවට පස්සේ 78 කැබිනට් මණ්ඩලේ ඉන්නවා දේවනාගයම් මහත්තයා. ස්වදේශ කටයුතු ඇමැති. ඉන් පස්සේ උතුරු නැඟෙනහිර දමිළ නායකයෝ කැබිනට් මණ්ඩලයේ නැහැ. මේක රටක් වෙන්න බෑනේ එතකොට. මේ ගොල්ලො වාඩි කරගන්න ඕනෑනේ කැබිනට් මණ්ඩලේට.

උතුරේ කුමන හෝ දේශපාලන පක්ෂයක් දකුණේ ප්‍රධාන පක්ෂයක් එක්ක වැඩ කරන එක ගැන අපි රටක් විදියට සතුටු වෙන්න ඕනෑ. ඒක ජාතික ජයග්‍රහණයක්. දැන් ඒකට විරුද්ධව තමයි උඩු බුරලන්නේ. කට්ටිය කියනවා රට බෙදල දෙනවලු. එහෙම දෙන්න බෑ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මොනවාහරි සම්මත කරනව නම් 153ක් ඕන. 153ක් ගන්න නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ හරි පොහොට්ටුවේ හරි ඡන්ද දෙන්න ඕනෑ. ඉතින් එයාලට තියෙන්නේ ඡන්දෙ නොදී ඉන්න. ඒකට කෑ ගහන්න දෙයක් නැහැ. ඒ ගොල්ලෝ ඡන්දෙ නොදී එහෙට ගිහින් ඡන්දේ ගන්න පුළුවන්ද බැරිද කියලා එයාලට තීරණය කර ගන්න පුළුවන්.

රටේ එක්සත් බවක් තියෙන්න ඕනෑ. රටට එකමුතුව වැඩකිරීමේ අවශ්‍යතාවක් ඕනෑ කරලා තිබෙනවා. ටී.එන්.ඒ. කියන්නේ එල්.ටී.ටී.ඊ. එක නෙවෙයි. ටී.එන්.ඒ. දේශපාලන පක්ෂය එල්.ටී.ටී.ඊ. එකත් එක්ක වැඩ කරනවා නම් තමයි හොඳ නැත්තේ. දකුණේ ප්‍රධාන දේශපාලන පක්ෂයත් එක්ක වැඩ කරනවා නම් ඒක හොඳයිනේ.

මාධ්‍ය ආයතනත් පසුගිය කාල පරිච්ඡේදය තුළම නිවැරැදි වැඩ කළේ නැහැ. මාධ්‍යයට ලංකාව හසුරුවන්න බෑ කියලා මාධ්‍ය දැනගත්තා පසුගිය කාලේ වුණ දේවල් වලින් මාධ්‍යට ලංකාව හසුරුවන්න පුළුවන් වුණා නම් මට මන්ත්‍රි වෙන්න වෙන්නෙත් නෑ. මාධ්‍ය ආයතන උදවු කරන්නෑනේ අපිට. උදවු නොකළාට කමකුත් නෑ. පසුගිය කාලේ මාධ්‍ය දිහා බලන් හිටියා නම් ඒකේ තිබුණේ වෙනම සන්දර්ශනයක්. රටේ තිබුණු සන්දර්ශනය ඊට වඩා වෙනස්. මහජනයා හිටියේ වෙන තැනක. මහජනයා රූපවාහිනිය ගණන් ගත්තෙත් නෑ. ස්වාධීන රූපවාහිනි ගණන් ගත්තෙත් නෑ. පෞද්ගලික නාළිකා ගණන් ගත්තෙත් නෑ. මහජනයා වෙනම ඉගෙන ගත්තා.

තනි ආණ්ඩුවක් නම් අමාත්‍ය මණ්ඩලය 30යි. එහෙම තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන්නේ. සමහර අය අහනවා ජනාධිපතිතුමාගේ අමාත්‍යාංශයත් ඒ 30ට අයිතිද කියලා. මං දන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පරණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙනවා අමාත්‍ය මණ්ඩලය සහ ආණ්ඩුව විසිරී ගියාම ජනාධිපතිවරයා තවදුරටත් තම ධුරය දරන්නේය කියලා. ජනාධිපතිවරයා තවදුරටත් තම ධුරය දරන්නේය කියලා කියන්නේ ඇමැතිකම් ටික දරනවා කියන එක. ඒ කියන්නේ කැබිනට් මණ්ඩලයම විසිරිලා ගියත් එතුමාට පුළුවන් සේරම දරන්න.

දැන් ඒ වාක්‍ය නැහැ. දැන් ඒ වෙනුවට අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනයේ 51 වැනි වගන්තිය ඇතුළු කරලා තිබෙනවා. ඒකේ කියලා තිබෙනවා අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාට පමණක් බලපාන පරිදි අනාගතයේ වෙනත් ජනාධිපතිවරුන්ට ඒ වාක්‍ය භාවිත කරන්න බැහැ. එතුමාට පමණක් බලපාන පරිදි මේ අමාත්‍යාංශ 2020 වෙනතුරු දරන්න පුළුවන්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පොත ගත්තම 2020න් පස්සේ ඒ පිටුව වැඩක් නැහැ. ඒක එතුමාට විතරයි බලපාන්නේ. එහෙම තියෙන නිසා අපි විශ්වාස කරනවා ඒ අමාත්‍යාංශ අයිති නෑ මේ විෂයට. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන අමාත්‍යාංශ 30 ඒවා අයිති නැහැ. ජනාධිපතිතුමාට වෙනම ව්‍යවස්ථාමය පැවැරීමක්.

ඒ ගැන විවිධ මත පවතිනවා. ඒ නිසා අපි ඒ ගැන පැහැදිලි ස්ථාවරයක හිඳිමින් කටයුතු කරගෙන යනවා. කැබිනට් මණ්ඩලය ජනාධිපතිතුමා ඉදිරියේ රැස් වුණා. මාස හතරකට බිලියන 1760ක් අනුමත කළා. මාස 4 යන අතරවාරයේ අය-වැය ආපසු ගේනවා. ආපහු අදාළ සංශෝධනත් එක්ක රට ඉදිරියට ගෙන ආ යුතුව තිබෙනවා. මේ දින 52දී රටේ විශාල කඩා වැටීමක් වුණා.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *