පලමු වරට මෙරට තුල කෘතිම වැසි ඇතිකිරීම සදහා ගිවිසුම් අත්සන් කිරීමක් ඊයේ දිනයේ සිදු විය. ඒ විදුලිබල, බලශක්ති අමාත්යංශය හා ශ්රී ලංකා ගුවන් හමුදාව අතර වේ.
මෙහි ප්රතිඵල පෙබරවාරි මස අග භාගයේදී දක්නට හැකි වනු ඇති බව ඇමති රවි කරුණානායක මහතා සදහන් කල අතර නියඟ පවතින කාලයේදී ජලවිදුලි බලාගාර ප්රදේශවලට කෘතිම වර්ෂා ඇති කර ජල විදුලිය විපදවීමට මෙයින් හැකියාව ලැබෙන බව ගුවන් හමුදාපතිවරයා පැවසීය.
දිගු කාලයක සිට මෙලෙස කෘතීම වැසි මඟින් ජල විදුලිය නිපදවීමට ඒ ඒ කාල සීමා වල සිටි විදුිබල ඇමතිවරු උත්සාහ කලද ඔවුන් සාර්ථක නොවීය.රවී කරුණානායක මහතාගේ මෙම සාර්ථකත්වය වෙනුවෙන් විදුලිබල මණ්ඩලීය ඉංජිනේරුවන් ඇතුළු සියළු සේවකයින් ද ඇමතිවරයා වෙනුවෙන් ඔවුන්ගේ කෘතඥතාවය පුදා ඇත.