සජිත්ගේ මඩ බලකාය නිසා එජාපය දැඩි අනතුරක…

පසුගිය දින වලදී සජිත් ප්‍රේමදාස මහතා දුගී මිනිසුන්ට නිවාස දී දෙවියෙකු මෙන් වැජඹෙමින් සිටි කාලය අහවර වුයේ නිවාස සංවර්ධන අධිකාරයේ සිදුවූ විශාල ප්‍රමාණයේ අක්‍රමිකතා පිළිබඳව නිවාස සංවර්ධන අධිකාරිය සුරැකීමේ සංවිධානය විසින් මාධ්‍ය හමු ගනනාවක් පවත්වමින් අණාවරනය කල තොරතුරු වලිනි

එම නිවාස දෙන ආකාරය ගැන මේ වන විට රටම දැනගෙන සිටින අතර සජිත් ප්‍රේමදාස වෙත ජනතා අප්‍රසාදය සීග්‍රෙයන් වැඩි වෙමින් පවතින වකවානුවක මේ කරුණු ඉස්මතු කරමින් මුහුණුපොත වැනි සමාජ මාධ්‍ය වල සජිත් ප්‍රේමදාසට එදිරිව සිය මත පල කරන්නන් නිහඬ කිරීමේ රහස් වෑයමක් මේ වන විට එළිවෙමින් පවතී.එනම් එසේ සජිත් ප්‍රේමදාස මහතාව විවේචනය කරන්නවුන් හට ව්‍යාජ මුහුණුපොත් ගිණුම් මගින් අමු තිත්ත කුණුහරුයෙන් බැන වැදීමත් ඔවුන්ගේ මව පියා බිරිඳ දරුවන් සහ පෙම්වතිය හෝ පෙම්වතා වැනි අතිශය සමීපමයන්ගේ මුහුණු පොත් ගිණුම් වලට ගොස් ඔවුන්ගේ ඡායාරූප ලබාගෙන එම ඡායාරූප එඩිට් කර ඔවුන්ට මඩ ගැසීමේ සූක්ෂම උපායයි. මෙමගින් එසේ සජිත් ප්‍රේමදාසට විරුද්ධව මත පල කරන්නන් නිහඬ කිරීමට SPG 2020 නමින් සයිබර් මඩ බලකායක් පවත්වාගෙන යන අතර ඊට අමතරව මෙම SPG -2020 කණ්ඩායමට පැවරී ඇති කාර්ය නම් නගරවලින් ඔබ්බට ඈත ගම්මාන වලට ගොස් ඒ ගම් වල වෙසෙන අහිංසක ජනතාව අතර එජාප වත්මන් පක්ෂ නායකයා වන රනිල් වික්‍රමසංහ සහ ඉදිරියේදී ජනාධිපති අපේක්ෂකයින් ලෙස දැනට කරලියේ නිතර නම් කියවෙන පාඨලී චම්පික රණවක / කරූ ජයසූරිය / නවීන් දිසානායක යන මහත්වරුන් එජාප අනාගතය විනාස කරන බවත් එජාපය ගොඩගැනීමට හැක්කේ සජිත් ප්‍රේමදාසටම පමණක් බවත් මතයක් සමාජගත කිරීමය.

එජාප වේදිකාවේ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ගුණ ගයන සජිත් මෙසේ සිය කණ්ඩායම් නගරවලින් පිට ගම්මාන වලට යවා ඉතා සූක්ෂම ලෙස රනිල්ගේ සහ ඉහත කී අයගේ රෙදි ගලවන්නේ කිසිම හිරිකිතයකින් තොරවය.සජිත් මේ ගෙනියන්නේ 2015 වන විට මංගල ගෙන ගිය තියරියම බව යාන්තමින් ඇස් ඇරිය බළල් පැටියෙකුට උවද තේරෙනවා නොඅනුමානය.සජිත් විසින් මීට කලින් දෙවරකදී එජාපය හයිජැක් කිරීමට උත්සාහ කලද සජිත්ගේ සුකුමාල ළඳ බොළද කම් හමුවේ ඒ වෑයම් අසාර්ථක වූ අතර මෙවර අහිංසක ජනතාව බළලා කර ජනපති අපේක්ෂක කොස් ඇටය බා ගැනීමට සැළසුම් කර ඇත.තමන්ගේ ජනපති සිහිනය වෙනුවෙන් පක්ෂයේම නමක් තියාගෙන ඉන්න කරූ ජයසූරිය නවීන් දිසානයක වැනි අයත් රනිල් සහ පාඨලී යන අයවත් සමස්ථයක් ලෙස එජාපයම මේ යන ක්‍රමය වැරදියි එය නිවැරදි කිරීමට හැක්කේ සජිත්ට පමණක් යැයි කීමෙනුත් සජිත් විසින් කරන මෙම පක්ෂ විරෝධී ක්‍රියාවලිය නතර කිරීම පිරිසිදු එජාප පාක්ෂිකයාගේ වගකීමකි.

එලෙස මෙම SPG -2020 මඩ බලකාය විසින් ඉහත කී ආකරයේ ගසන ලද මඩ සහ කුණුහරුප වල ස්කීන් ෂොට් කිහිපයක් පහතින්,

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.