හිටපු රේගු අධ්යක්ෂ ජනරාල්වරිය වන පී.එස්.එම්.චාර්ල්ස් මහත්මියට නැවතත් එම තනතුරට පත් කර ඇත. එතුමියට වසරක සේවා දිගුවක් ලබා දී ඇති අතර මාස තුනක ප්‍රගතිය බලා නැවතත් ඒ සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව සඳහන්.
අමාත්‍ය මානෝ ගනේෂන් මහතාගෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ අද(05) පස්වරුවේදී කැබිනට් මණ්ඩල රැස්වීමෙදි මේ බව සනාථ කළ බවයි.
එක්සත් ජාතික නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ මුදල් අමාත්‍ය මංගල සමරවීර මෙතුමිය ඉවත්කොට ඔවුන්ගේ ඕනෑ එපා කම් ඉටුකරන, නිසි සුදුසුකම්වත් නැති රේගු අධ්‍යක්ෂකවරයෙකු පත්කිරීම සඳහා දැඩි උත්සහයක නිරතවිය. එහෙත් අවසානයේ රේගු වෘත්තීය සමිති ක්‍රියාමාර්ග හමුවේ එජාප නායකයින් ප්රමුඛ ආණ්ඩුව පරාජයට පත්ව තම තීරණය හකුලා ගැනීමට සිදුවිය.