මෛත්‍රී කියන කරන හැමදේටම අපි එකඟ නැහැ

ජනාධිපතිතුමා ආණ්ඩුවේ ප්‍රධානියා ලෙස ගන්නා සියලු තීරණ සහ මතයන්ට අපි විපක්ෂය ලෙස එකඟ නොවන බව විපක්ෂනායක මහින්ද රාජපක්ශ මහතා පවසයි.

අද පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පල කලේය.

ඊයේ නිදහස් දින කතාවේදී හතර වටේට ගැහුවා නේදැයි තමන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගෙන් විමසූ බව හිටපු ජනාධිපති වත්මන් විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

තමන් එසේ විමසද්දී අගමැති රනිල්ද ලග සිටි බවත් ඒ මහතා කීය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.