මෛත්‍රී පිලිපීන ජනපතිගෙන් උගත් පාඩම් පෙන්වයි!

මෙරට දරුණු ගණයේ අපරාධ රැසකට සහ මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධානියෙකුද වන පාතාලයේ දැනට සිටින ප්‍රධානම නායකයා වන “මාකඳුරේ මධූෂ්” ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන ඇත. මෙහිදී තවත් අපරාධ කල්ලි සාමාජිකයින් 24 දෙනෙකු සහ මෙරට ජනප්‍රිය ගායකයෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

පාතාල නායක මාකඳුරේ මධූෂ් ඇතුළු ඔහුගේ මැරයින් අත් අඩංගුවට ගැනීමේ මෙහෙයුම සඳහා අවශ්‍ය මූලික සැලසුම් සකස් වී ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මීට සති කිහිපයකට ඉහතදී සිදුකළ පිලිපීන සහ සිංගප්පුරු සංචාරයේ ප්‍රතිථල ලෙස වන අතර නායකයින් ඇතුළු ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විශාල ප්‍රමාණයක් එකවර වටලන ආකාරයේ දැවැන්ත මෙහෙයුමක් මින් පෙර ශ්‍රී ලංකාවේදී හෝ ඉන් පිටතදී ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ විසින් සිදුකර නොතිබිණ.

පිලිපීනයේ වත්මන් ජනාධිපති රොඩ්ග්‍රෝ ඩුටර්ටී මත්ද්‍රව්‍ය ජාවාරම්කාර අපරාධකරුවන් එරෙහිව ලොව ප්‍රබලම සහ බිහිසුණුම සටන්කාමී ඝාතකයා ලෙස ප්‍රකට වන අතර මත්ද්‍රව්‍ය ජාවාරම්කාර අපරාධකරුවන්ට එරෙහි ඔහුගේ එම අත්දැකීම් සහ තාක්ෂණය තම පිලිපීන සංචාරයේදී ඔහුගෙන් ලබාගත් බව ශ්‍රී ලංකාවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර සිටියේය.

පොලිස් විශේෂ කාර්ය බලකාය ඇතුළු මෙරට සහ විදේශීය ආරක්ෂක කණ්ඩායමක් විසින් මෙම මෙහෙයුම සිදුකර ඇති අතර කිසිඳු ගැටුමකින් තොරව මාකඳුරේ මධුෂ් ඇතුළු අපරාධකරුවන් ජීවක්ග්‍රහයෙන් අල්ලාගැනීමට හැකි වීමද සුවිශේෂීය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව යටතේ තිබූ ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව අතිවිශේෂ ගැසට් නිවේදනයක් මඟින් තමාවෙත පවරා ගැනීමෙන් අනතුරුව පසුගිය මාස 3 පුරාවට ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් අත් අඩංගුවට ගත් අතිවිශාලතම කුඩු ප්‍රමාණයත්, දේශීය මෙන්ම විදේශීය ඉහළම පෙළේ කුඩු ජාවාරම්කරුවන් රොතු බුරුතු පිටින් අත් අඩංගුවට ගැනීමම ඓතිහාසික වාර්තාවකි.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.