අකිලගේ සුරක්ෂා මගඩියට ජනපති වැට බදී


අලියාන්ස් රක්ෂණ සමාගමට ලබාදී තිබූ පාසල් සිසුන් සඳහා වන සුරක්ෂා රක්ෂණ ටෙන්ඩරය අවලංගු කරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (06) පැවැති කැබිනට් රැස්වීමේදී දැනුම් දී තිබේ.

මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට විශේෂ සාකච්ඡාවක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සහ අධ්‍යාපන ඇමැතිවරයා හා නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් අද (07) පැවැත්වීමට ද කැබිනට් රැස්වීමේදී තීරණය වී ඇතැයි පැවසේ.

සුරක්ෂා රක්ෂණය සම්බන්ධයෙන් සිය නිරීක්ෂණ ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා මෙම දැනුම් දීම කර ඇති බව රජයේ ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

මෙම රක්ෂණය දේශීය සමාගමකට නොදී විදේශීය සමාගමකට දීම සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා විරෝධය පළකර ඇති තිබේ.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා දැනටමත් එම රක්ෂණය ක්‍රියාත්මක වන බැවින් ටෙන්ඩරය අවලංගු කිරීමේ හැකියාවක් නැතැයි පවසා තිබේ.

අදාළ සමාගම තෝරාගෙන ඇත්තේ ටෙන්ඩර් කැඳවීමකින් බවත් එම සමාගමෙන් සිසුන්ට වරප්‍රසාද රැසක් හිමිවන බවත් ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.

අය වැය නිසා ඊයේ කැබිනට් රැස්වීම පැවැතියේ පාර්ලිමේන්තු සංකීර්ණයේදීය.

ටෙන්ඩරයේ දිග පළල

ඉකුත් ජනවාරි දෙවැනි සතියේදී පාසැල් දරුවන් මිලියන 4.3 ක් සඳහා සෞඛ්ය රක්ෂණය ලබා දීමට පෞද්ගලික රක්ෂණ සමාගමක් වන අලියාන්ස් රක්ෂණ ආයතනය තෝරා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබිණි.

ඒ අනුව ඒ සඳහා රුපියල් බිලියන 1.8 ක මුදලක් එම සමාගමට ලබාදීමට ද තීරණය වී තිබිණි.

සුරක්ෂා රක්ෂණය රාජ්‍ය මුදල් පිළිබඳ අංක 04/2015 දරන චක්‍රලේඛය උල්ලංඝනය කරමින් විදේශීය රක්ෂණ ආයතනයකට ලබාදී ඇති බව ශ්‍රී ලංකා මීට පෙර හෙළිකළේය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.