ශ්‍රීලනිපය සහ ශ්‍රීලපොපෙ අතර තවත් තීරණාත්මක සාකච්ඡාවක් ලබන බ්‍රහස්පතින්දා (14දා) පැවැත්වෙන බව එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රි තිලංග සුමතිපාල මහතා පැවැසීය.
මේ වනවිට මෙම පක්ෂ දෙක අතර පැවැත්වෙන සාකච්ඡා ඉතා සාර්ථකව සිදුවන බවත් පක්ෂ දෙකේ ප්‍රතිපත්ති හා සිද්ධාන්තවලට අනුව ඉදිරි මැතිවරණවලදී ක්‍රියා කළයුතු ආකාරයන් පිළිබඳ සාකච්ඡා කර දෙපාර්ශ්වය පොදු එකඟතාවලට ඒමට සූදානම් බවත් මන්ත්‍රිවරයා කීය.
ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය
සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඉතා ඉක්මනින්ම පොදු එකඟතාවකට ඒමට හැකියාව ලැබෙනු ඇතැයිද තිලංග සුමතිපාල මහතා තරයේ විශ්වාසය පළ කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් එහි මහලේකම් පා.ම. දයාසිරි ජයසේකර, තිලංග සුමතිපාල සහ මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස යන මහත්වරුද පොදුජන පෙරමුණ වෙනුවෙන් එහි සභාපති ජී.එල්. පීරිස්, මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම සහ ජගත් වැල්ලවත්ත මහත්වරු සහභාගිවීමට නියමිතය.