අයවැය අදයි – ජනපති වැය ශීර්ෂය පැරදවීමට එජාප තැතක්


ආණ්ඩුවට එරෙහිව ජනාධිපතිවරයා දිගින් දිගටම කටයුතු කිරීම සැලකිල්ලට ගෙන මෙවර අය _ වැයේදී ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය අනිවාර්යයෙන්ම පරාජයට පත් කරන බව කොළඹ දිස්ත්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන් මහතා පැවැසීය.

ජනාධිපතිවරයාට අවශ්‍ය නම් ඔහු මේ වනවිට සහාය දෙන පොහොට්ටුවේ මන්ත්‍රිවරුන් එකතු කරගෙන අය _ වැය විවාදයේදී ජනාධිපති වැය ශීර්ෂය සම්මත කරගත හැකි නමුත් එජාප මන්ත්‍රිවරුන් එය පරාජයට පත් කිරීමට කඳවුරු බඳින බවද මන්ත්‍රිවරයා කියා සිටියේය.

ආණ්ඩුව දූෂිත යැයි කියමින් ආණ්ඩුව ගෙන යන සියලුම ව්‍යාපෘතිවලට අකුල් හෙළමින් ජනාධිපතිවරයා දිගටම කටයුතු කරන බවත් කැබිනට් පත්‍රිකා පවා නවත්වමින් කකුලෙන් ඇදීම දිගටම කරගෙන යන බවත් මුජිබර් රහුමාන් මන්ත්‍රිවරයා පෙන්වා දුන්නේය.

ඉකුත් අය _ වැය මඟින් ජනාධිපති වැය ශීර්ෂය පාර්ලිමේන්තුව තුළ සම්මත කර ගැනීමේදී එජාප මන්ත්‍රිවරුන් සියලු දෙනාගේ සහාය ලබාදුන් බවත් මෙවර එම සහාය ලබානොදෙන්නට එජාප පසුපෙළ මන්ත්‍රිවරුන් තීරණය කර ඇති බවත් ඒ මහතා කීය.

මේ පිළිබඳව එජාප මන්ත්‍රිවරුන් දිගින් දිගටම සාකච්ඡා කරන බවත් ඒ අනුව ජනාධිපති වැය ශීර්ෂය පාර්ලිමේන්තුවේ සම්මත කරගන්නා අවස්ථාවේදී සිදුවන දේ රටටම දැක බලාගත හැකි වනු ඇති බවත් මන්ත්‍රිවරයා කියා සිටියේය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.