අයවැය 2වර කියැවිමේ ඡන්ද විමසිම අද


අයවැය දෙවනවර කියැවීම පිළිබඳ ඡන්ද විමසීම අද(12දා) පස්වරුවේ දී පාර්ලිමේන්තුවේදී සිදුකිරිමට නියමිතය.

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පසුගිය 05 දා අයවැය යෝජනා පාර්ලිමේන්තු‍වට ඉදිරිපත් කිරිමෙන් පසුව අයවැය පිළිබඳ දෙවන වර කියැවිමේ විවාදය පසුගිය 06 දා ආරම්භ විය.

ඒ අනුව මේ වසර සඳහා වන අයවැය පිළිබඳ දෙවනවර කියැවීමේ විවාදය පුරා දින හයක් පැවැති අතර අද (12) පස්වරු 5.00 ට ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතය

අයවැය පිළිබඳ තෙවන වර කියැවීම ‍හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය හෙට (13) සිට පැවැත්වීමට නියමිත අතර එම විවාදය අප්‍රේල් 05 දක්වා පුරා දින 19ක් පැවැත්වීමට නියමිත වේ.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.