ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කරන “ඉවසුවා ඇති” රනිල්ගේ වැඩ බැරි යහපාලන හොර ආණ්ඩුව ගෙදර යවන ජන රැලි මාලාවේ පළමුවන මංගල රැලියට මහනුවර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බල මණ්ඩල සාමාජිකයන් සහභාගි වන බව එම බල මණ්ඩලයේ සභාපති මහින්ද අබේකෝන් මහතා පැවැසීය.
ඒකාබද්ධ විපක්ෂය මහනුවරදී හෙට (08දා) පවත්වන මෙම රැලියට සහභාගි වීමට මහනුවර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බල මණ්ඩලය රැස්වී මෙම තීරණය ගත් බව මහින්ද අබේකෝන් මහතා සඳහන් කළේය. මහනුවර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බල මණ්ඩල සාමාජිකයන් මෙම රැලියට සහභාගි වන බව පක්ෂ මූලස්ථානයටද ලිඛිතව දැනුම් දුන් බවද හෙතෙම සඳහන් කළේය.