එජාපය සංවිධායකවරුන්ට වගකීම පවරයි


මේ වසර අවසන් වීමට පෙර තමන්‍ට අයත් ආසනවල සියලුම අඩුපාඩු සොයාබලා දිස්ත්‍රික් නායකත්වය දැනුම්වත් කර එම අඩුපාඩු සකස් කරගන්නා ලෙසට එක්සත් ජාතික පක්ෂය විසින් සියලුම ආසන සංවිධායකවරුන්ට දන්වා ඇතැයි එම පක්ෂයේ මන්ත්‍රීවරයෙක් පැවසීය.

එම අඩුපාඩු මැතිවරණය ආසන්න වනවිට අවසන් වී නොතිබුණහොත් ආසන සංවිධායකවරයා එම වගකීම ගතයුතු බව දන්වා ඇත.

එසේම තම ආසනයේ සංවිධායකවරයා සංවර්ධන වැඩකටයුතු නොකරන්නේ නම් දිස්ත්‍රික් නායකවත්වයට සෘජුව පැමිණිලි කරන ලෙසද එජාපය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.