ඔසාකා උළෙලේ යශුකි මුතු සම්මානය නිල්මිණිට


14 වෙනි ඔසාකා ආසියානු සිනමා උළෙලේ විශිෂ්ඨතම රංගනය සඳහා වන සම්මානය අසන්ධිමිත්තා චිත්‍රපටයේ නිල්මිණි සිගේරා විසින් මෙවර දිනා ගෙන ඇත.

අසන්ධිම්ත්තා චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාව රඟන නිල්මිණි සිගේරා 14 වෙනි ඔසාකා ආසියානු සිනමා උළෙලේ විශිෂ්ඨතම රංගනය වෙනුවෙන් පිදෙන යශුකි මුතු සම්මානය දිනා ගත්තාය.

මාර්තු 17 වෙනිදා අවසන් වුණු ඔසාකා ආසියානු සිනමා උළෙලේ තරඟකාරී අංශයට, කොරියාව, හොං-කොං, චීනය, ඉන්දියාව, ජපානය, වියට්නාමය, පිලිපීනය, තායිවානය යන රටවල විශිෂ්ඨ සිනමා කෘති රැසක් තේරී පත් වි තිබුණි.

ඒ අතරින් අසන්ධිමිත්තා චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් රගපෑ නිල්මිණි සිගේරා විශිෂ්ඨ රංගනය වෙනුවෙන් මෙවර ඔසාකා සිනමා උළේලේ සම්මානය දිනා ගැනිම විශේෂත්වයකි.

අසන්ධිමිත්තා චිත්‍රපටය නිල්මිණි ගේ ප්‍රථම සිනමා රංගනයයි.

ලබන 22 දා සිට දිවයින පුරා සිනමා හල් වල සීමිත දින ගණනකට පමණක් මුදා හැරීමට පෙළගස්වා ඇති අසන්ධිමිත්තා අශෝක හඳගම ගේ අධ්‍යක්ෂණයකි.

සරසවි සිනෙරූ වෙනුවෙන් එය නිෂ්පාදනය කළේ එච්. ඩී. ප්‍රේමසිරි විසිනි.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.