ජනපති කෙන්යාවට ළඟාවෙයි


කෙන්යාවේ නයිරෝබි නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ හතරවන සැසිවාරය සඳහා සහභාගිවීමට දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මහතා අද (13දා) රාති‍්‍රයේ නයිරෝබි හි ජොමො කෙන්යාටා ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ළගා විය.

එහිදී එරට විශේෂ නියෝජිත පිරිසක් විසින් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඇතුළු ශ‍්‍රී ලංකා දූත පිරිස හරසරින් පිළිගන්නා ලදී.

කෙන්යා ජනාධිපති උහුරු කෙන්යාටා මහතාගේ ආරාධනයකට අනුව ජනාධිපති එක්සත් ජාතින්ගේ පරිසර සමුළුවේ හතරවන සැසිවාරයේ විශේෂ ආරාධිත අමුත්තෙකු ලෙස එක් වෙයි.

ශ‍්‍රී ලංකාවේ පරිසර අමාත්‍යවරයා ලෙස මෙන්ම පරිසරය සුරැකීම වෙනුවෙන් වැදගත් තීන්දු තීරණ රැසක් ගත් නායකයෙකු ලෙස ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ සහභාගිත්වය සමුළුව තුළ සුවිශේෂි බව කෙන්යාවේ ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් සුනිල් ද සිල්වා මහතා පෙන්වා දෙයි.

ප‍්‍රංශ ජනාධිපති එමැනුවෙල් මැක්රොන් මහතා ඇතුළු රාජ්‍ය තාන්ති‍්‍රකයෝ කිහිප දෙනෙකු ද සමුළුවට එක් වෙයි.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.