මධ්‍යම කදුකරයේ ජල පෝෂක ප්‍රදේශවල තවදුරටත් පවතින වියළි කාලගුණය හේතුවෙන් එම ජලාශය අවට කෘතිම වැසි ඇති කිරිමේ ව්‍යාපෘතිය ලංකා විදුලි බල මණ්ඩලය මගින් සතියක් ඇතුලත ක්‍රියාත්මකකිරිමට සැලසුම් කර ඇති බව ලක්ෂපාන ජල විදුලි බලාගාර සංකිර්ණයේ නියෝජ්‍යය සමන්‍යාධිකාරි සි.ජී.එස්.ගුණසේකර මහතා පැවසීය.
කාසල්රි ජලාශයේ දැනට තිබෙන ජල ධාරිතාවෙන් අඩි 12 ක් සහ මවුස්සාකැලේ ජලාශයේ දැනට තිබෙන ජල ධාරිතවෙන් අඩි 15 ක් දක්වා ජල විදුලිය උත්පාදනය සිදු කළ හැකි බවයි නියෝජ්‍යය සමාන්‍යාධිකාරිවරයා කියා සිටියේ.
අප කළ විමසුමකට පිළිතුරු දෙමින් ලක්ෂපාන ජල විදුලි බලාගාර සමාන්‍යාධිකාරිවරයා සඳහන් කළේ කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල දැනට තිබෙන ජල ධාරිතාවෙන් ලක්ෂපාන, නව ලක්ෂපාන, කැනියොන්, විමලසුරෙන්ද්‍ර සහ පොල්පිටිය යන ජල විදුලි බලාගාරවල උපරිම ධාරිතවකින් විදුලි උත්පාදනය සිදු කරන බවයි.
2018 වසරේ නියං කාලයට වඩා මේ වසරේ ජල විදුලි උත්පාදනය සිදුකර ඇති බවද නියෝජ්‍ය සමන්‍යාධිකාරිවරයා පැවසීය.
වික්ටොරියා සහ කොත්මලේ ජලාශවලද ජල මට්ටම සිඝ්‍රයෙන් පහළ බැස ඇති නිසා තායිලන්තයේ ඉංජිනේරුවන් පිරිසක් පසුගිය දා මෙරටට පැමිණ කෘතිම වැසි ඇති කිරිම සම්බන්ධයෙන් අධ්‍යනයක් සිදු කළ බවත්, එම දූත පිරිස මෙම සතිය තුළ දිවයිනට පැමිණ ගුවන් හමුදාව සහ තවත් රාජ්‍ය ආයතන කිහිපයක් සමග එක්ව කෘතිම වැසි ඇති කිරිමේ ව්‍යපෘතිය ක්‍රියාවට නංවන බව ලක්ෂපාන ජල විදුලබලාගාර සංකිර්ණයේ නියෝජ්‍යය සමන්‍යධිකාරිවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.
කාලස්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පහළ බැසීම හේතුවෙන් එම ජලාශ ඉදි කිරිමේදි යට වු නටබුන් රැසක් මේ වන විට මතු වී ඇති අතර ජලාශය පුරා රොන්මඩ වලින් පිරී ඇති අයුරු එහි සංචාරය කළ අපට දක්නට ලැබුණි.