තරගයක් පවා දුන්නොත් වසර 5ක සිර දඬුවමක්


මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා නිසි මුදලක් ලබා නොදීම තුළින් ඔවුන් වෙනත් ආකාරයකින් මුදල් සොයා ගැනීමට පෙළෙඹීමේ අවධානමක් පවතින බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍යායතනය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ඇතැම් පුහුණුකරුවන් තමන්ගේ තත්ත්වය ඉහළ නංවා ගැනීම සඳහා ක්‍රිඩකයන්ට යම් යම් ඖෂධ වර්ග ලබා දෙන බවද අමාත්‍යවරයා එහිදි පැවසීය.

දක්ෂ ක්‍රිඩකයන් සිටින්නේ නාගරික ප්‍රදේශවල පමණක් නොවන බවත් ඉතාම අඩු පහසුකම් මධ්‍යයේ ක්‍රිඩා පුහුණුවීම් සිදු කරණ ක්‍රිඩකයින් සිටින බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ක්‍රිඩා ක්ෂේත්‍රයේ සිදුවන වංචා දුෂණ මැඩපැවැත්වීම සඳහා නව නිතිරීති ගෙන එන බවත් ක්‍රිඩා සංගම් සම්බන්ධයෙන්ද විමර්ශන කටයුතු සිදු කරණ බවත් අමාත්‍යවරයා පවසයි.

එමෙන්ම අසියාවේ පලමු වතාවට ශ්‍රී ලංකාවේ තරග පවාදීම් සම්බන්ධයෙන් නව නිති රෙගුලාසි පනවන බවත් තරගයක් පවා දෙන්නෙකුට වසර 5ක සිර දඬුවමක් සහ රුපියල් මිලියන 5ක අවම දඬයක් නියම කිරිමට පනතක් සම්මත කර ගන්නා බවද අමාත්‍යවරයා පවසයි.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.