අශිෂ්ඨ දේශපාලනය තුරන් කර ශිෂ්ඨ දේශපාලනය මෙරට තුළ ස්ථාපිත කළ හැක්කේ ජනතා විමුක්ති පෙරමුණට බව එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක මහතා පවසයි.
එම පක්ෂයේ දොඩම්ගස්ලන්ද ආසන බලමණ්ඩල රැස්විමට එක් වෙමින් මන්ත්‍රිවරයා මේ බව කියා සිටියේය.
ජනාධිපති ධුරය යනු හොරකම සඳහා වූ බලපත්‍රයක් වැනි යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.
හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හොරකම් කර ඇති බවත් එම පුද්ගලයින් කවුරුන් හෝ නෑ කිවහොත් ඒ කෙනා ගැන පැවසිය හැකි බව එතුමා අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.
එමෙන්ම රටේ හිටපු සහ දැනට සිටින අගමැතිවරුත් හොරකම් කළ බව අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළ අතර එතුමා පවසන ආකාරයට ජනාධිපති ධුරය මෙන්ම අගමැතිධුරයන්ද, ඇමතිධුරයන්ද හොරකමට ලයිසන් එකක් බවයි.
මෙලෙස හොරකම් කළ දේශපාලකයින් අත්අඩංගුවට නොගන්නේ ලයිසන් හොරු වීම නිසා බව පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක මහතා පවසයි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ දේශපාලනය කියන්නේ හොරකමට ලයිසන් එකක් බවයි.