බ්‍රිතාන්‍යයන්ට වීසා නොමිලේ


ශ්‍රී ලංකාවට එංගලන්තයේ සිට පැමිණෙන්නා වූ බ්‍රිතාන්‍ය ගමන් බලපත් (පාස්පෝට්) හිමියන්ගෙන් වීසා ලබාදීමේදී අයකළ ගාස්තු අය නොකර ගුවන් තොටුපොළේදීම නොමිලයේ වීසා ලබාදීමට රජය තීරණය කර ඇත.

මෙම තීන්දුව නිසා මසකට ශ්‍රී ලංකාවට වීසා ලබාදීමෙන් ලැබුණු ඇමරිකානු ඩොලර් 40.000ක පමණ ආදායමක් අහිමිවන බව රාජ්‍ය තාන්ත්‍රික අංශ පවසයි. ශ්‍රී ලංකාව මෙලෙස බ්‍රිතාන්‍ය පාස්පෝට් හිමියන්ට නොමිලයේ වීසා ලබාදුන්නද ශ්‍රී ලාංකික පාස්පෝට් හිමියන් බ්‍රිතාන්‍ය වීසා ලබා ගැනීමේදී විශාල මුදලක් ගෙවිය යුතුය. බ්‍රිතාන්‍ය පාස්පෝට් හිමියන්ට වීසා ලබා දීමේදී මෙතෙක් ශ්‍රී ලංකාව අය කළේ එක වීසාවකට ඩොලර් 35ක මුදලකි.

දැනට බ්‍රිතාන්‍යයේ එරට පාස්පෝට් හිමි ශ්‍රී ලාංකිකයෝ රාශියක් වෙසෙති. උතුරේ යුද සමයේ බ්‍රිතාන්‍යයට සංක්‍රමණය වූවන් මෙයින් බහුතරය බවද කියැවේ. මින් ඉදිරියට නව වීසා ක්‍රමය ක්‍රියාත්මක වනවිට ඔවුනට ද්විත්ව පුරවැසිභාවය ලබාගැනීම අවශ්‍ය නොවන බව රජයේ ආරංචි මාර්ග කියයි. බ්‍රිතාන්‍යයට අමතරව තවත් යුරෝපා හා ආසියානු රටවල් රැසකට මෙලෙස නොමිලයේ වීසා පහසුකම සැලසීම සඳහා තීරණයක් ගෙන ඇති බවද රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග සඳහන් කරයි.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.