
ජිනීවාහිදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට බි‍්‍රතාන්‍ය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට සම අනුග‍්‍රහය දක්වන්නැයි ජිනීවාහි ශ‍්‍රී ලංකා නිත්‍ය නියෝජිතට උපදෙස් දී ඇත්තේ මනෝ තිත්තවැල්ල විසින් යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා චෝදනා කරයි.
විදේශ අමාත්‍යංශ වැය ශීර්ෂය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී පැවති විවාදයේදී මන්ත‍්‍රීවරයා කියා සිටියේ මනෝ තිත්තවැල්ල යනු විවිධ ඩීල් වලින් රට විකුණා හම්බකරගෙන කන තක්කඩියෙක් බවත් එවන් තක්කඩියන්ට මෙරට විදේශ ප‍්‍රතිපත්තිය තීරණය කිරීමට ඉඩ දීමට නොහැකි බවත්ය.
මනෝ තිත්තවැල්ල නම් ජාවාරම්කරුට, සල්ලවලට ඔ්නෑම කුප්ප වැඩක් කරන පෙරේතයන්ට මෙරට විදේශ ප‍්‍රතිපත්තිය තීන්දු කරන්න දෙන්න එපා යයිද මන්ත‍්‍රීවරයා කීවේය.
කෙසේ නමුත් විදේශ ඇමති තිලක් මාරපන අවසන් මොහොතේදී හෝ ජිනීවා සමුළුවේදී පල කරන ලද ඇතැම් අදහස් සමබන්දයෙන් ස්තුතිය පල කරන බවද මන්ත‍්‍රීවරයා වැඩි දුරටත් කියා සිටියේය.