ශ්‍රී ලංකා මහ බැංකුවේ වෝහාරික විගණන කටයුතු ඉන්දියාවේ M/s BDO India LLP සමාගමට සහ M/s KPMG Sri Lanka සමාගම වෙත පිරිනැමීමට මුදල් ඇමැති මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
ඒ අනුව, සිදු කරන තාක්ෂණික යෝජනා ඇගයීමේ හා මූල්‍ය යෝජනා ඇගයීමේ ප්‍රතිඵල මත අමාත්‍ය මණ්ඩල උපදේශක ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි අදාළ කොන්ත්‍රාත්තුව පිරිනැමීමට මෙම සමාගම් දෙක තෝරා ගෙන තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ වෝහාරික විගණන කටයුතු සඳහා සුදුසු ගෝලීය පරිචයක් සහ ජාත්‍යන්තර පළපුරුද්දක් සහිත ආයතන වල සේවය ලබා ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩලය මීට පෙර අනුමැතිය ලබා දී තිබුණි.