" වැඩකට නැති මිනිස්සු කියන කතා මම ගණන් ගන්නෙ නෑ. මට ඕන මිනිස්සුන්ට වැඩ කරන මහජන නියෝජිතයන් එක්ක වැඩ කරන්න පමණයි " | ඇමති රවී කරුණානායක
Posted by Kavinda Gamage on Monday, March 11, 2019
“එක්සත් ජාතික පක්ෂය හරියාකාරව තමන්ගේ වැඩකටයුතු කරගෙන යනවාද, මේ ආකාරයෙන් ඉදිරියට යාමට හැකිවෙයිද, දුර්වලතා තිබෙනවාද, නිවැරදි කළයුතු තැන් තිබෙනවාද බලන්න තමයි අපි අද අපි මේ කටයුතු කරන්නේ. ඒ සදහා අපි නිර්භීතව තීන්දු අරගෙන වැඩකරගෙන යනවා. අපිට අවශ්‍ය වන්නේ ජනතාව සමග සිටින, වැඩකරන අය මිසක්, පම්පෝරි ගහන අය නොවෙයි” යැයි එක්සත් ජාතික පක්ෂ උපනායක, විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.
අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ, “සිරිකොත ගමට” කළුතර දිස්ත්‍රික් ප්‍රවර්ධන සහ දැනුවත් කිරීමේ වැඩසටහනට සහභාගි වෙමිනි.
සිරිකොත ගමට වැඩසටහන ඊයේ කළුතර දිස්ත්‍රික්කයෙන් ආරම්භ වූ අතර එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එහි සමාරම්භක වැඩසටහන පානදුර, තොටවත්ත ප්‍රදේශයේදී සංවිධානය කර තිබිනි. මෙහිදී එක්සත් ජාතික පක්ෂ මැති ඇමතිවරුන් මෙන්ම පක්ෂ ක්‍රියාකාරීන් විසින් අදාළ ප්‍රදේශ ආවරණය වන පරිදි ගෙන්ගෙට යමින්, ජනතාවගේ ප්‍රශ්න සහ ගැටලු වලට ඇහුම්කන් දෙමින්, ඒවාට විසදුම් ලබා සීමට කටයුතු කළහ. ඊයේ දවස පුරා කළුතර දිස්ත්‍රික්කය ඉලක්ක කරගනිමින් පැවති මෙම ප්‍රවර්ධන වැඩසටහනේදී, විශාල පිරිසක් එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය ලබාගැනීම මෙහිදී සිදුවූ වැදගත් සිදුවිමකි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍ය කරුණානායක මහතා,
“මේ ආකාරයෙන් අපි ගෙන්ගෙට ගිහින් ජනතාව සමග සාකච්ඡා කරන්න තීරණය කළේ, ඔවුන්ට තිබෙන ප්‍රශ්න, ගැටළු හදුනාගෙන ඒවාට නිසි පිළියම් යෙදීමටයි. ඒක තමයි එක්සත් ජාතික පක්ෂයේ ශක්තිය. ජනතාව සමග තිබෙන බැදියාව. ඒ තුළින් තමයි අපේ පක්ෂය ඉදිරියට යන්නේ “යැයි පැවසීය.