“රට වෙනුවෙන් එකට සිටිමු” හෙට ඇරඹේ


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සංකල්පයක් අනුව ජනාධිපති ලේකම් කාර්යාලය මගින් මෙහෙයවනු ලබන “රට වෙනුවෙන් එකට සිටිමු” ජාතික සංවර්ධන වැඩසටහන හෙට (18) පුත්තලමෙන් ආරම්භ වේ.

මෙම වැඩසටහන පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කාර්යාල 16ක් ඉලක්ක කරගෙන “එකම දිනයක එකම වේලාවක” මහජන සේවාවක් ආරම්භ කිරිම හා ක්‍රියාත්මක කිරිම හෙට දින පුත්තලම දිස්ත්‍රික්කයෙන් ආරම්භ කෙරේ.

මෙම ජාතික ව්‍යාපෘතිය මගින් මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහන,රණවිරු සත්කාරක සේවා වැඩසටහන,ඩෙංගු මර්දනය, දරුවන් සුරකිමු ව්‍යාපෘතින්ද විවිධ අමාත්‍යංශ මගින් ක්‍රියාත්මක ජාතික සංවර්ධන වැඩසටහන් හා සමාජ සුභසාධන වැඩසටහන් කාර්යක්ෂමව ,ඵලදායිව ලෙස ජනතාවට උපරිම සේවාවක් හා ප්‍රතිලාභ අත්කරදිම “රට වෙනුවෙන් එකට සිටිමු” වැඩසටහනේ මුඛය අරමුණ වේ.

මෙය 18 සිට 22 වෙනි දින දක්වා දින පහක කාලයක් පුරා පුත්තලම දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශිය ලේකම් ආවරණය වන පරිදි ක්‍රියාත්මක කෙරේ.

ජතතාවට දිර්ඝ කාලයක් තිස්සේ පවතින මහජන ගැටලු හා අවශ්‍යතා කඩිනමින් විසඳිමට කටයුතු කරන බැවින් පුත්තලම අවට ජනතාවට මෙයට සහභාගි වන ලෙස ජනාධිපති ලේකම් කාර්යාලය මහජනතාවගෙන් ඉල්ලයි.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.