2015 ජනවාරි 08 පසු කිසිවෙකුට විල්පත්තුවේ ඉඩම් දුන්නේ නැහැ

2015 ජනවාරි 08 පසු පසුගිය වසර 04ක කාළය තුළ කිසිදු පුද්ගලයෙකුට හෝ කිසිදු ආයතනයකට විල්පත්තු අභයභුමියේ ඉඩම් ලබා දී නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ථේරවාදී ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත් කෙරෙන යෝජනාව ප්‍රකාශයට පත් කිරීමේ ජාතික පුණ්‍ය මහෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද(23) පස්වරුවේ පැවැත්විය.

ඓතිහාසික ශ්‍රී දළදා මාළිඟාවේ මහ මළුවේදී ත්‍රෛනිකායික මහා නායක හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝ රත්නයේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස සංරක්ෂණය කරන ලෙස ථේරවාද බෞද්ධ රටවල සාමූහිකත්වයෙන් ශ්‍රී ලංකාව, යුනෙස්කෝ සංවිධානය වෙත ඉදිරිපත් කරන යෝජනාව නිල වශයෙන් මෙහිදී එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාවේ නිත්යද නියෝජිතවරියට භාර දීමද මෙහිදි සිදුකෙරුණි.

මෙම වැඩසටහනට සමගාමීව පසුගිය 16 වනදා සිට 23 වනදා දක්වා කාලය “ත්‍රිපිටකාභිවන්දනා” සතිය ලෙස ප්‍රකාශයට පත් කෙරුණු අතර ඒ වෙනුවෙන් දිවයින පුරා ආගමික වැඩසටහන් රැසක් ද සංවිධානය කර තිබුණි.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.