කොරෝනා වැළඳී ඇති බවට සැකපිට තවත් දෙ‍දෙනෙක් IDH රෝහලට! මෙම රෝග ලක්ෂණ ඇත්නම් ඔබ වහාම වෛද්‍යවරයෙකු හමුවන්න..

චීනයේ සිට පැමිණි තවත් පුද්ගලයින් දෙදෙනෙකු සැක සහිත රෝගලක්ෂණ හේතුවෙන් අයි.ඩි.එච්.රෝහලට ඇතුළත් කර ඇත.

ඔවුන් කොරෝනා වෛරස ආසාදිතයින් ද යන්න පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අසිත අත්තනායක මහතා පැවසුවේය.

චීන ජාතික කාන්තාවක් සහ චීනයේ වෛරසය පැතිර පවතින ප්‍රදේශයක සංචාරයක නිරත වී පැමිණි ශ්‍රී ලාංකික තරුණයෙකු මෙලෙස රෝහල් ගත කර ඇත. ඒ අනුව මේ වන විට කොරෝනා වෛරසය බවට සැක කෙරෙන රෝග ලක්ෂණ සහිත රෝගීන් සිව්දෙනෙකු අයි.ඩි.එච්.රෝහලේ ප්‍රතිකාර ලබයි.

වුහාන් ප්‍රදේශයේ විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය ලබා පැමිණි ශ්‍රී ලාංකික තරුණියක් සහ චීන ජාතික කාන්තාවක් ඊයේ පස්වරුවේ අයි.ඩි.එච්.රෝහලට ඇතුළත් කර තිබුණි.

අදාළ පුද්ගලයින්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත් ද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකිරීම සඳහා ඛේට හා රුධිර සාම්පල වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත යොමුකර ඇති බවයි රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අසිත අත්තනායක මහතා පැවසුවේ.

මේ අතර චීනය ඇතුළු අදාළ කොරෝනා වෛරසය ව්‍යාප්ත වී ඇති රටවල සිට දිවයිනට පැමිණෙන ගුවන් මගීන් විශේෂ පරීක්ෂාවකට ලක් කෙරෙන බව සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඔහු පෙන්වාදෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුග්‍රහය යටතේ එම වැඩපිළිවෙල ක්‍රියාත්මක බවයි.

මොකද්ද මේ කොරෝනා වෛරසය..?

චීනයේ වුහාන් නගරයේ සත්ව වෙළඳසැලක් ආශ්‍රිතව මෙම වෛරසය ආසාදනය වූවායැයි මේවනවිට සොයාගෙන ඇත්තේ. වවුලන් සහ සර්ප මස් මෙ අතර ප්‍රධාන වේ. මෙහි ප්‍රධාන රෝගලක්ෂණය නම් සෙම්ප්‍රතිශ්‍යාව වැනි පෙනහලු වලට බලබෑම් වන රෝගී තත්වයන් වේ. නමුත් වෛරසය ආසාදනය වී දැයි දැනගැනීමට හැකිවන්නෙ අවමය දින 6 ත් 14 අතර කාලයකට පසුව වීම භයානකවේ. එමෙන්ම ජීවිත අවදානම ද ඉහල ප්‍රතිශතයක්  ගනී.                  

රෝග ලක්ෂණ

නව කොරෝනා වෛරසයේ රෝග ලක්ෂණ බොහෝ විට සාමාන්‍ය කැස්ස සෙම්ප්‍රතිශ්‍යාව සමග ඇතිවන උණ රෝගයට සමාන විය හැකිය. ඔබට පහත සදහන් රෝග ලක්ෂණ තිබේ නම් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගත යුතු වේ.

උණ

කැස්ස

හුස්ම ගැනීමේ අපහසුව

ඉතා වේගයෙන් පැතිරෙමින් යන චීනයේ නව කොරෝනා වෛරසය ඇස් තුලින් ද ආසාධනය විය හැකි බව වෛද්‍ය විශේෂඥයින් අනතුරු අඟවා සිටිනවා. සිඝ්‍රයෙන් පැතිර යමින් පවතින නව කොරෝනා වෛරසය හේතුවෙන් මාස 18ක් තුලදී ලොවපුරා මිලියන 65ක ජනතාවක් මරණයට පත්වීමේ අවධානමක් ඇති බව අමෙරිකාවේ ජෝන් හොප්කින්ස් වෛද්‍ය පර්යේෂණ අංශය අනතුරු අඟවා තිබෙනවා. කොරෝනා වෛරසයට ගොදුරු වූ බවට සැක කෙරෙන පුද්ගලයින් 11 දෙනෙක් සම්බන්ධයෙන් සිය සෞඛ්‍ය අංශ අවධානයෙන් පසුවන බව ඉන්දියාව කියද්දී වෛරසයට ගොදුරුවූ පළමු රෝගියා ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයන් හමුවෙලා. 
මේ අතර ඇමරිකාව , දකුණු කොරියාව , ප්‍රංශය , සිංගප්පුරුව, තායිලන්තය,  ජපානය, වියට්නාමය වැනි රටවලද රෝගීන් වාර්තාවේ.

මේවනවිට මිනිසාගෙන් මිනිසාට බෝවන බවට තහවුරු වී ඇති අතර පොදු ස්ථානවල ගැවසීම චීනය තුල තහනම් වන අතර මින් බේරීමට  නම්,

01. සබන් යොදා නිතර අත් සෝදන්න
02. කිඹුහුම් යනවිට හෝ කැස්සක් ඇති වනවිට,මුඛය ඇතුලු  ආවරණය කරගන්න
03. උණ රෝගය ඇති පුද්ගලයින් සමග ගැටීම අවම කරන්න (නිකරුනේ රෝහල් පරිශ්‍ර තුලට යාමෙන් වලකින්න)
 04. ඔබට උණ සෙම්ප්‍රතිශ්‍යාව ඇති නම් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගන්න, පොදු ස්ථාන වලට යාමෙන් වලකින්න
 05. නොපිසින ලද සත්ව ආහාර (කිරි, මස්) පරිහරණයේදී සැමවිටම ප්‍රවේසම් වන්න
06. අඩුවෙන් පිසින ලද හෝ නොපිසූ සත්ව ආහාර පරිහරණයට නොගන්න
වැනි ක්‍රියාමාර්ග දැනට අනුගමනය කල හැකිය. කරුණාකර ඔබේ දරුවාට පවුලේ උදවියට මෙම ක්‍රියාමාර්ග හැකි ඉක්මනින් අනුගමනය කරන්න වගබලාගන්න.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.