රංජන්ගේ හඬ පට ගෝඨාණ්ඩුවට පාරාවළල්ලක් වෙයි..! රංජාගේ පාර්ලිමේන්තු කතාවෙන් පසු රෙනෝට රෙද්දේ රෙවෙයි.. (වීඩියෝ)

බලය ලබා ගැනීමට පෙර පොරොන්දු වූ පරිදි ජනතාවට කිසිඳු දැනෙන සහනයක් ලබාදීමට අපොහොසත් වූ වත්මන් ගෝඨාණ්ඩුවට කල් මැරීමට ඇති එකම පිළිසරණ රංජන් හඬ පට, මඩ පට කොට සිල්ලරට අලෙවි කිරීම පමණක් බව දැන් ජනතාවට නොරහසකි. කුප්‍රකට කුඩු නාලිකා ප්‍රධානී රෙනෝගේ මනිලොන්ඩරින් දිලිත්ගේ තිරරචනයන්ට රඟන, නැටවෙන ගෝඨාණ්ඩුව රන්ජන් වැනි මොළයක් නැති ඇඟ පමණක් ඇති බ්‍රොයිලයිර් කුකුළෙකු වැනි නළුවෙකුගේ ගොන් වැඩකින් තම දේශපාලන ඉලක්කයන් සහ රටේ ඉදිරිගමන් මඟ ගොඩ දා ගැනීමට දැඟලීම කෙතරම් අනුවණ කමක්ද යන්න දන්නේ පරිතණ දේශපාලනඥයෙකුට මිස පරිපාලන ළදරුවකුට නොවන බව නුදුරු අනාගතයේදී වැටහෙනු ඇත. ඊට දිය හැකි සරල සහ හොඳම උදාහරණය ගෝඨාණ්ඩුවේ ජනපති වටා සිටින ගොබිලන් කිහිපදෙනෙකු කෑ ගැසුවද අගමැති වටා සිටින දේශපාලන පරිණතභාවයක් ඇති අයවලුන් රන්ජාගේ මේ වොයිස් කට් වලින් චූන් නොවී සිටීමයි.

ඊයේ (21) පාර්ලිමේන්තුවේදී රන්ජන් මන්ත්‍රීවරයෙකු ලෙස සිදුකළ කථාවෙන් පැහැදිලිවම පෙනී යන්නේ මෙය ජනාධිපති ගෝඨාභයගේ ඉදිරි දේශපාලන අනාගතයට පාරාවළල්ලක්ව පැමිණෙන බවයි. සුස්තියක්, බඩුවක්, ඩීල් එකක් ගසමින් රටේ අනාගතය සහ දේශපාලන චරිත හදන්නට මෙවැනි නාටක යොදා ගැනීමෙන් සිඟිති ආතල් සැපයීමට හැකි වුවද, අවසානයේ ජෝකර් වන්නේ බලය අරන් රටටම “ජෝක්ස්” පෙන්නූ අයවලා මිස තිර රචකයා හෝ උපදේශකයින් නොවන වග කවුරු කවුරුත් සිහි තබා ගත යුතුය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *