බැඳුම්කරයට වගකිව යුත්තන් දැනගන්න වෝහාරික විගණන වාර්තාව රටට හෙලි කරන්න.. – රවී පාර්ලිමේන්තුවේ මංගල සභාවාරයේදීම ඉල්ලයි

රට තුල සිදුව ඇති දූෂණ වංචා පිලිබඳව කෝප් කමිටුව විසින් සකස් කරන ලද වෝහාරික විගණන වාර්තාවෙහි ඇති තොරතුරු රටට හෙලි කරන ලෙස එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කලා. වැඩිදුරටත් අදහස් දැක් වූ ඒ මහතා මෙසේ පවසා සිටියා.

“කෝප් කමිටුව විසින් නිකුත් කරන ලද වෝහාරික විගණන වාර්තවේ ඇති කරුණු හැකි ඉක්මනින් රටට හෙලිකරන්න ඕන. බැඳුම්කර සිද්ධිය සම්බන්දයෙන් චූදිතයන් කවුරුන්ද යන්න එමගින් දැනගන්න හැකියාවක් ලැබේවි. ඒ වගේම කෝප් කමිටු සභාපති ධූරයට ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා නැවත පත් කරන්න කියල මම ඉල්ලා සිටිනවා. ඔහු කෝප් කමිටුව තුල ස්වාධීනව පරීක්ෂණ කටයුතු මෙහෙයවන්න ඔහු විශාල දායකත්වයක් දැක්වූවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා මේ අදහස් පලකලේ අද අට වන පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය අමතමිනි.

බැදුම්කරෙන් උණුසුම් වූ පාර්ලිමේන්තුව

බැදුම්කරෙන් උණුසුම් වූ පාර්ලිමේන්තුව#lka #News1st #WimalWeerawansa

Posted by Newsfirst.lk on Friday, January 3, 2020
Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.