ඉතාලිය තුළ සිටින ශ්‍රී ලාංකිකයන් ගැන නිරන්තර අවධානයෙන් – රජය

කොරෝනා වෛරසය ඉතාලිය තුළ ව්‍යාප්තවීමත් සමඟ එහි සිටින ශ්‍රී ලාංකිකයන් ගැන නිරන්තර අවධානයෙන් සිටින බවත් එහි  සිටින කිසිඳු ශ්‍රී ලාංකිකයෙකුට වෛරසය වැළදී නැති බව අමාත්‍යාංශය පවසයි. 

රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ මිලාන් හි කොන්සල් කාර්යාලය සමඟ සම්බන්ධීකරණයෙන් ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා ඔවුන් පිළිබඳව සමීපව අධීක්ෂණය හා සම්බන්ධීකරණය කිරීමට කටයුතු යොදා තිබේ.

ශ්‍රී ලාංකිකයන් එක්ලක්ෂ හාරදහසකට වැඩි පිරිසක් ඉතාලියේ වාසය කරනු ලැබේ.  ඉන් 60%ක්ම වෙසෙන්නේ ලොම්බාඩ් කලාපයේ ය.  දූත මණ්ඩල මේ වන විට රෝම සහ මිලාන් ප්‍රදේශවල සෞඛ්‍ය බලධාරීන් සමඟ අදහස් හුවමාරු කර ගනිමින් සිටි. ශ්‍රී ලංකා විහාරස්ථාන, ප්‍රජා නායකයින් සහ අදාළ සියලු දෙනා මේ සම්බන්ධව එක් වී සිටියි.  

ඉතාලියේ සංචාරය කිරීමේදී විමසිලිමත් වන ලෙසත් අදාළ නීති රෙගුලාසි සහ ආරක්ෂක පියවරයන්ට අනුව සියලු පියවර ගන්නා ලෙසත් විදේශ අමාත්‍යාංශය ඉල්ලා සිටියි.  තානාපති කාර්යාල සහ කොන්සියුලර් කාර්යාල විසින් ක්‍රියාත්මක කරනු ලබන ක්ෂණික දුරකතන ඇමතුම් පැය 24 පුරාම ක්‍රියාත්මකය. අවශ්‍යතාවන්ට ප්‍රතිචාර දැක්වීම සඳහා උපකාරක කවුළුවක්ද පිහිටුවා තිබේ.

එම අංක ඇමතීමෙන් තොරතුරු ලබා ගත හැකිය. සිසිර සෙනෙවිරත්න විදේශ කටයුතු සම්බන්ධීකාරක – (0039) 3499351745 ප්‍රියා නාගරාජා – තුන්වන ලේකම් (0039) 3403581603 නිමාලි ජයමහ – කළමනාකාර සහකාර (0039) 3483027997 මිලාන් හි කොන්සල් කාර්යාලය – සදමාලි දිසානායක (0039) 3888016268

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.