රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා අද (14) අළුයම කටුනායක ගුවන් තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගත්තා.
මස්කට් සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ. එල්.- 208 දරන ගුවන් යානයෙන් අද පෙ.ව 4.37ට ඔහු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බවයි වාර්තා වන්නේ.
මිග් යනා ගනුදෙනුව සම්බන්ධයෙන් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග පිට ජාත්‍යන්තර පොලිසියේ රතු වරෙන්තු ලැබ සිටි නිසයි උදයංග වීරතුංග මේ ආකාරයෙන් අත්අඩංගුවට ගැනීම සිදු වුණේ.
මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කළ පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාල සඳහන් කළේ අත්අඩංගුවට ගත් උදයංග වීරතුංග මහතා මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවත් ඔහුගෙන් ප්‍රශ්න කිරීම් සිදුවන බවයි.