එජාපෙ ‘ලකුණේ අවුල’: අවසන් යෝජනා 14 දා

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා සහ විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා අතර ඊයේ (12) රාත‍්‍රියේ විශේෂ හමුවක් සිදු වූ බවත් ඒ අනුව ඉදිරි මහ මැතිවරණය සඳහා ඉදිරිපත්වන එක්සත් ජාතික පෙරමුණු සන්ධානයේ ලකුණ ඇතුළු මුලික ගැටළු විසඳා ගැනීම සඳහා එජාපයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් 10 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත්කර ඇති බව එජාප ජ්‍යේෂ්ඨයෙක් පැවසුවේය.

මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් දක්වමින් එජාප ජ්‍යේෂ්ඨයා සදහන් කළේ මෙම කමිටුව සඳහා රනිල් පාර්ශ්වයෙන් පස් දෙනකු සහ සජිත් පාර්ශවයෙන් පස් දෙනකු නම්කර ඇති බවයි.

ඒ අනුව, රනිල් පාර්ශ්වයෙන් විරාජ් කාරියවසම්, රවී කරුණානායක, ලක්ෂ්මන් කිරිඇල්ල, නවීන් දිසානායක සහ ජෝන් අමරතුංග ද සජිත් පාර්ශ්වයෙන්, සජිත් පේ‍්‍රමදාස, රංජිත් මද්දුම බණ්ඩාර, මංගල සමරවීර, කබීර් හෂීම් හා මලික් සමරවික්‍රම යන අයගෙන් එම කමිටුව සමන්විත වන බවයි ඔහු සදහන් කළේ.

මෙම කමිටුවේ අවසන් තීරණය ලබන සිකුරාදා (14) ගැනීමට ද එකඟ වූ බවත් ඒ අනුව එදින පැවැත්වීමට නියමිතව තිබුණු පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම කල්දමා ඇති බවත් එජාප ජ්‍යේෂ්ඨයා සදහන් කළේය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.