‘බාල වර්ගයේ ලිහිසිතෙල් නිෂ්පාදන’ සොයා දිවයින පුරා වැටලීම්

ශ‍්‍රී ලංකාවේ විවිධ ප‍්‍රදේශවලින් ලැබෙන පැමිණිලි මත, මෙරට තුළ ලිහිසි තෙල් හා ඒ ආශ‍්‍රිත නිෂ්පාදන ආනයනය, නිෂ්පාදනය, බෙදාහැරීම හා අලෙවිය අද දින සිට පූර්ණ පරීක්‍ෂාවට ලක් කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය තීරණය කර ඇත.

එ අනූව ලිහිසිතෙල් වෙළෙඳපොළ ඡුායාමාත‍්‍ර නියාමන ආයතනය වන ශ‍්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ ද සහය ඇතිව නීති විරෝධී ලිහිසි තෙල් නිෂ්පාදන අත්්අඩංගුවට ගැනීමේ වැටලීම් කටයුතු දීපව්‍යාප්තව සිදුකරනු ඇත.

ඛනිජතෙල් සම්පත් සංවර්ධන අංශයේ අනුමත සමාගම් 13ක් මගින් වෙළෙඳ සන්නාමයන් 22ක් යටතේ ලිහිසිතෙල් හා ඒ ආශ‍්‍රිත නිෂ්පාදන ආනයනය, නිෂ්පාදනය, බෙදාහැරීම හා අලෙවිය සිදුකිරීමට නෛතික අවසරය ලැබී ඇත.

නමුත්, අද වන විට වෙනත් විවිධ ආයතන සහ වෙළෙඳ සන්නාමයන් යටතේ ලිහිසි තෙල් ළඳපොළට නිකුත් කර ඇත. මේවා ගුණාත්මක බවින් තොර ඉතා බාල ත්ත්වයේ නිෂ්පාදන වන අතර මෙම නිෂ්පාදන භාවිතා කිරීම නිසා කෙටි කලකින් රථ වාහන එන්ජින්වල දෝෂ හට ගැනීම හේතුවෙන් අමතර කොටස් ආනයනය සඳහා විශාල විදේශ විනිමයක් ද වැය වේ.

නිරන්තරයෙන් රථ වාහනවල හට ගන්නා මෙම කාර්මික දෝෂ නිසා පාරිභෝගික ජනතාව ඉමහත් අපහසුතාවට ද පත්වේ. එමෙන්ම, මෙම නීති විරෝධී වෙළෙඳපොළ ප‍්‍රසාරණය නිසා රජයට ලැබිය යුතු විශාල බදු මුදලක් ද අහිමි වී ඇත.

ඊයේ දින (17) පමණ් සිදු කළවැටලීම් 15කින් නීතිවිරෝධී ලිහිසිතෙල් නිෂ්පාදන විශාල තොගයක් අත්අඩංගුවට ගනු ලැබූ අතර ඒවයෙහි වටිනාකම රුපියල් ලක්‍ෂ 25කට ආසන්න වේ.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ බස්නාහිර පළාත් සහකාර අධ්‍යක්‍ෂ සහ ප‍්‍රධාන කාර්යාලයේ විමර්ශන නිලධාරීන් විසින් ශ‍්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ නිළධාරීන්ගේ ද සහාය ඇතිව මෙම වැටලීම සිදුකරනු ලැබී ය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.