මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරය දැරූ 2005 – 2015 දක්වා සමයේදී ජනපතිවරයාගේ සංචිතයට රුපියල් කෝටි 300ක වාහන මිලදී ගෙන ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රි මනූෂ නානායක්කාර මහතා පැවැසීය.
අද (11) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.
නානායක්කාර මහතා මෙසේ ද පැවසීය. ‘අපි නම් පුද්ගලිකව වාහනයක් අරගෙන නෑ. පසුගිය කාලයේදී ගෙන්වූ වාහන දැන් ඉන්න ඇමැතිවරු පදින්නේ. ආණ්ඩුවත් එක්ක ඩිල් දාගෙන ඉන්න අය නම් මේ වාහන තවම පදිනවා ඇති. එහෙම නැතිව විපක්ෂයේ ඉන්න කිසිම කෙනෙක් මේ වාහන පදින්නේ නෑ. මේ වාහන සියල්ලම පදින්නේ දැන් ඉන්න ඇමැතිවරු තමයි.
2005 -2015 ඉදලා මහින්ද රාජපක්ෂ ජනපතිවරයාගේ සංචිතයට විතරක් රුපියල් කෝටි තුන්සීයක වාහන අරගෙන තිබෙනවා. ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමැතිවරයාට මේක අමතක වෙලා තියෙනවා.
මේ සියල්ලම නැවත පත්වන ඇමතිවරු තමයි භාවිත කරන්නේ. මේක හොඳ නැත්නම් අපි කියනවා මේ වාහන අවශ්‍ය නැතිනම් ඒවා විකුණලා මුදල් වහාම මහා භාණ්ඩාගාරයට යොමු කරන්න. මේ අය මේ වාහන භාවිත කරන ගමන් තමයි මේ කාරණය කියන්නේ. මේවා කුහක වැඩ විතරක් නෙමෙයි ජනතාව මුලා කිරීමක්.