මැති ඇමති පුද්ගලික කාර්ය මණ්ඩලවල අනිසි මැදිහත්වීම්වලට ‘PB ගෙන් රතු එළියක්’

අගමැති, ඇමැති හා රාජ්‍ය ඇමැතිවරුන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩලවල සාමාජිකයන් හා වෙනත් අවශේෂ නිලධාරින් සංවර්ධන ව්‍යාපෘති හා රජයේ කටයුතු සම්බන්ධයෙන් ලියුම් නිකුත් කරමින් හා දුරකතන ඇමතුම් දෙමින් කරන ඉල්ලීම්, උපදෙස් දීම් හා නියෝග නොපිළිගන්නැයි ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා පසුගිය 7 වැනිදා දාතමින් යුතුව චක්‍රලේඛය නිකුත් කරමින් අග‍්‍රාමාන්‍ය ලේකම්වරයාට ඇතුළු සියලු අමාත්‍යංශ ලේකම්වරුන්ට නියෝග කර ඇත.

මේ නියෝගය දැඩිව ක්‍රියාත්මක කරන්නැයිද අගමැති ලේකම්වරයාට හා අමාත්‍යංශ ලේකම්වරුන්ට වැඩිදුරටත් උපදෙස් දී ඇත. දූෂණ, වංචා, අක්‍රමිකතා හා බලය අනිසි ලෙස පරිහරණය කිරීම වැළැක්වීමේ අරමුණින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ජනාධිපති ලේකම්වරයා විසින් මෙම චක්‍රලේඛය නිකුත් කර ඇත.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.