
විදෙස් රටක සිට මෙරටට කඩාවැදීමටඉ ඩඇති ‘කුසගිනිනොසිඳෙන’ කෑදර දළඹුවෙකුගේ අවදානමක් ගැන 2018 වසරේ සැප්තැම්බර් මස 16 වෙනිදා දිවයින ඉරිදා සංග්‍රහය මගින් අප පළමුවරට අනතුරු හැඟවූයෙමු.
සුළං පහරේ ශක්තියත් උදව් කරගෙන මෙහි පැමිණෙන අමුත්තා අහිංසක සලබයෙක් වුවත්, භවබෝගවලට හානිකරන්නේ බඩගින්නත් අතමිට මොලවාගෙන උපදින උගේ දරුවා නොහොත් දළඹුවාය. මෙතෙක් ලංකාවේ නොසිටි සත්වයෙක් නිසා දළඹුවාට නමක් තබන්නටත් අපටම සිදුවිය. “සේනාද ළඹුවා” යන නම යෙදුවේ හිටිහැටියේම සේනාවක් ලෙසින් බෝගවගා තුලින් ඌ මතුවෙන බැවිනි. පුවත්පතෙහි විස්තර පලවී මාස එකහමාරක් ගතවෙත්ම එනම් ඔක්තෝබර් 30 වෙනිදා සන්ධ්‍යා භාගයේදී “මෙන්න ඉන්නවා” යන පණිවිඩය ගොවික් ෂේත්‍රයකින්ම අදාළ අංශ වෙතට ලැබුනු අතර සැවොම දන්නා ඉන් පසු සිදුවූ දෑ ගැන නැවතත් ආවර්ජනය කල යුතු නොවේ.
මෙම කෙටි පූර්විකාව ලියුවේ ‘සේනා’ පැමිණි අප්‍රිකාවේ සිට එන්නට හැකි තවත් ආක්‍රමණික පලිබෝධකයෙක් ගැන මේදිනවල ජාත්‍යන්තර මාධ්‍යයන් කතාබහ කරන බැවිනි. මීට වසර මිලියන 300කටත් එහා අතීතයේදී ලොව පහල වූවායයි සැලකෙන ජීවීකොට්ඨාශයක් වන ඔවුනට අප ‘පළඟැටියන්’ යයි කියමු.

කතාබහට ලක්වූ මෙම සත්වයා පළඟැටියන් අතරින් වඩාත් ම භයානක සත්වයා ලෙස සැලකෙන අතර ‘කාන්තාර පළඟැටියා’ (Desert Locust) නමින් හැඳින්වන්නේ මොහුය. දිගින් සෙන්ටිමීටර පහකට වඩා නැත. විද්‍යාත්මක නාමය වන්නේ Schistocercagregariaය.
සාමාන්‍යයෙන් මෙවැනි කාන්තාර පළඟැටියන් සීමාවී ඇති සහරා කාන්තාරය, අරාබිකරය සහ ආසියාවේ ඇතැම් ප්‍රදේශ දැනට සියවස් ගණනාවක සිට කාන්තාර පළඟැටියාගේ හානියෙන් පීඩා විඳින්නේය.
පළඟැටි උවදුර නිසාම පසුගියදා හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කරන්නට පියවර ගත් පළමු රට වන්නේ සෝමාලියාවයි. ආහාර හා කෘෂිකර්ම සංවිධානය පවසන ආකාරයට වසර 25කින් පසු අප්‍රිකාවට උදාවූ නරකම තත්වය මෙයයි.
වසරක් ඇතුලත මෙය පාලනය කරගන්නට නොහැකිවුවහොත් ‘පළඟැටි වසංගතයක්’ ලෙස මෙය නම් කිරීමට ද ඔවුන් පියවරගන්නවා ඇත. 20 වෙනි ශතවර්ෂය තුලදී පළඟැටි වසංගතහයකට අප්‍රිකාව මුහුණ දීතිබේ. අවසානයට එවැන්නක් උදාවී තිබුනේ 1987-89 කාලවකවානුව තුලයි. ඉදිරි මාස කීපය තුල කාන්තාර පළඟැටි ගහනය 500 ගුණයකින් පමණ වැඩිවීමක් බලාපොරොත්තුවන අතර කෙන්යාව මෙවැනි ව්‍යසනයකට මෙවර මුහුණදී ඇත්තේ වසර 70 කට පසුවය.


“අප මේ අවස්ථාවේ නිවැරදිව හැසුරුනේ නැත්නම් අප්‍රේල්වලට නියමිත අපගේ අස්වැන්න නොලැබී ගොස්, අන්ත දරිද්‍රතාවයකට සෝමාලියානු ජනතාව පත් වේවි.”
හදිසි තත්වය ප්‍රකාශයට පත්කිරීම ගැන අදහස් දැක්වූ සෝමාලියාවේ කෘෂිකර්ම අමාත්‍ය හුසේන් ලෙඩ් එසේ පවසා සිටී. ආහාර හා කෘෂිකර්ම සංවිධානය මගින් පසුගිය පෙබරවාරි 3 වෙනිදා නිකුත් කළ අලුත්ම නිවේදනය මගින් ඉන්දු- පාකිස්තාන සීමාවේ දැනට සිටින පළඟැටි ගහනය යාබද රටවලට සංක්‍රමයවීමේ අවදානමක් ගැනද ඉඟි පළකර තිබේ.තව මාස කීපයකින් පළඟැටි ගහනය5 00ගුණයකින් වැඩිවේනම් ඌ මෙතෙක් නොගිය ඉසව්වක් කරා පියඹායාමට හොඳටම ඉඩ තිබේ.
මිනිසාගේ අවිධිමත් ක්‍රියාකාරකම් හරහා කලබලයට පත්ව ඇති පරිසරය පසුගිය වකවානුවේදී හැසිරුනේ බොහොම අකාරුනිකවය. අනපේක්ෂිත සුළං ප්‍රවාහයකට පළඟැටි වලාවක් පැටලී උතුරු ඉන්දියානු රාජස්තාන් ප්‍රදේශයේ සිට දකුණු දෙසටගමන් ඇරඹුවේනම් අපද නිරායුධවම මේ අවදානම් කලාපයේය.

“අපේ රටෙත් ඕනෑ තරම් පළඟැටි විශේෂ ඉන්නවා. මේ සියල්ලම පාහේ ශාකභාක්ෂකයෝ. ඒඅයපරිසරයත් සමග තුලිතවෙලා අතීතයේ සිටම මෙහෙ සිටියා. නමුත් මේ කියන සත්වයා එහෙම නෙමෙයි. බොහොම ව්‍යසනකාරී සතෙක්. මිලියන, බිලියන ගණනින් සතුන් සුළංධාරා සමග පර්යටනය වෙනවා. හරියට අඳුරු වලාකුලක් යම් තැනකට පාත්වෙනවා වගේ.”
එසේ අදහස් දක්වන්නේ ජ්‍යෙෂ්ඨ කීට විද්‍යාඥ මහාචාර්ය ලයනල් නුගලියැද්ද මහතාය. පෙරදී සඳහන් කල පරිදි සේනාදළඹුවාගේ අවදානම ජාත්‍යන්තර මාධ්‍යයන් තුලින් කලින් ම හඳුනාගෙන, ඒ ගැන පත්තරයට ලියන්නට මට කිතිකැව්වේද එතුමාමය. කුහුඹුවන්, බඹරුන් වැනි කෘමි හමුදාවන් පැමිණ අස්ථිපංජරය ඉතිරි වෙනතෙක් මිනිසා ඇතුළු සතුන් කා දමන බටහිර ත්‍රාසජනක චිත්‍රපටි ජවනිකා පවාඑ තුමාගේ ප්‍රකාශය හරහා මගේ මතකයට නැගේ.
දැනට ලංකාවේ සිටින සහ පලිබෝධකයෙක්ගේ ගණයට ගැනෙන,‘කහතිත් පළඟැටියා’ ගැන ද වචනයක් කිව යුතුවේ. මොවුන්ගේ හානියට බොහෝ විට පාත්‍රවනුයේ පොල් ගසේ පත්‍රයි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පැලැටි සංරක්ෂණ අංශය එවන් පළඟැටි පිබිදීමක් වාර්තාවූ වහාම ක්‍රියාත්මකවී තත්වය පාලනය කරනු ලබයි.
කාන්තාර පළඟැටියන් සුළං ධාරා උපකාර කරගනිමින් දිනකට කිලෝමීටර 150ක දුරක් වුවත් පියඹායති. ඇතැම්විට මුහුදු මට්ටමෙන් මීටර් 2000කට වඩා උසින් වුවද පියාඹති. මොවුන් බිත්තර දමන්නේ පසතුලයි. සතියක් තුල ඒවා පුපුරා පැටවුන් පිටවෙන අතර තවත් සති දෙකක් ඇතුලත සිදුවෙන හැව ඇරීම් පහක් හරහා කීට අවස්ථා පසුකරමින් සුහුඹුල් පළඟැටියන් බිහිවේ. කීට පළඟැටියන්ට හොඳින් වැඩුණු පියාපත් නැත. ඒ නිසා සුහුඹුල් අවධිය එනතෙක් ඔවුහු පියාසර නොකරති. බිම තිබෙන තණ කොළත්, කුඩා පඳුරු මතට ගොඩවී ඒවාහි පත්‍රත් කමින් ජීවත්වෙති. එනම් කෝටි ගණනින් පැමිණ බිජුලෑම හරහා තවත් කෝටි ප්‍රකෝටි ගණනක් පළඟැටියන් බිහිවෙන්නේ සති තුනක පමණ කෙටි කාලයකින්ය.

තවත් සුවිශේෂී ලක්ෂණයක් වන්නේ මෙම සතුන් දරන වේගවත් භෝ ජන හැකියාවයි. මේ කෑදරකම කොපමණද කියනවානම් ග්‍රෑම්දෙකක් පමණ වෙන තම දේහ බරට සමාන බරක් දිනක් තුල කා දැමීම මොවුනට සාමාන්‍ය ආහාර වේලකි. කෑමව ර්ගයේ සීමාවකද නැත. මුව ගැටෙන සෑම ශාක කොටසක්ම ආහාරයක් සේසැලකේ. පත්‍ර, කඳන්, මල්, ගෙඩි, ඇට පමණක් නොව ගසක පොත්තේ වැසුවහොත් දැවය මතුවෙන තෙක් එය දකාදැමේ. සියල්ල අවසන් කළා යයි සිතමු. එවිට තමාගේ උන්ව කා දැමීමේ ස්වජාතිභක්ෂණයද මේ නරුමයින් පටන් ගන්නේය. පුළුවන් එකා බැරි උන්ව මරා කෑමට ගන්නේය.
එසේ නම් අවදානම දැන් පැහැදිලිය. ස්වභාවික සතුරන්යයි කියා ගන්නා පළඟැටි බුදින මයිනන්, පොල්කිච්චන් යනාදිය වුවත් ප්‍රයෝජනවත් වන්නේ පළඟැටි ගහනය අවම අවස්ථාවලදීය. මෙවන් සේනාවක් දුටුතැන තම ආහාරය වෙනුවෙන්වත් මයිනන්, පොල්කිච්චන් ඉදිරියට නොඑනු ඇත. රසායනික ප්‍රහාරයකින් සුහුඹුලා මර්දනය කිරීමට පියවර ගැනීම, හදිසි කෘමි උවදුරු මැඬලීමට ලොව පුරා පිළිගත් ක්‍රමවේදයයි. පලිබෝධනාශක දියර ඉසීම සඳහා ඔවුන් හෙලිකොප්ටර, ඩ්රෝන යානා වැනි දේ පවා භාවිතා කරනු ලැබේ. මෙවන් නවීන තාක්‍ෂණික ක්‍රමවේදයන්ගෙන් සන්නද්ධව සිටීමත්, නිසි පලිබෝධනාශක හඳුනාගෙන යම් සාධාරණ තොගයක් ළඟ තබාගැනීමත් මේමොහොතේ අනිවාර්යෙන්ම සිදුකල යුත්තකි.
සේනා දළඹුවා වෙනුවෙන් සිදුකල අයුරින් කාන්තාර පළඟැටියා ගැන විස්තර සඳහන් මුද්‍රිත පත්‍රිකා සහ පෝස්ටර් හරහා සමාජය දැනුවත් කිරීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මේ වන විටත් පියවරගෙන හමාරය. ඊට අමතරව කාන්තාර පළඟැටියන් වෙනුවෙන් ඉන්දියාවේ ක්‍රියාත්මක වෙන ආරක්ෂණ යාන්ත්‍රනය ක්‍රියාත්මක කරන නිළධාරීන් සමගසම් බන්ධතා ගොඩනගා ගනිමින් කලාපීය තත්වය ගැන අවබෝධයෙන් සිටීමට මහාචාර්ය නුගලියැද්ද ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත්වී සිටී. කාන්තාර පළඟැටියන් මර්දනය සඳහාම ඉන්දියාවේ රාජස්තාන් ප්‍රාන්තයේ පිටුවා ඇති පැලැටි සංරක්ෂණ කාර්යාලයේ සේවය කරන නිලධාරිනියක වන නිර්මලා පත්‍රවාල්ගේ ප්‍රකාශයද මේ මොහොතේ අපට වැදගත්ය.

“සමහර ගොවීන් උනන්දු උනා සාම්ප්‍රදායික ක්‍රමවලින් මේ සේනාව මර්දනය කරන්න. ඒ අය පළඟැටියන් පලවා හරින්නට විවිධ ශබ්ද ඝෝෂා පැවැත්වුවා. බෙර ගැහුවා. ටකරන් වැනි දේට ගසමින් ශබ්ද මැව්වා. ටයර් වැනි දේ පුළුස්සමින් දුම් ගැහුවා. ඒත් ඉතාමත් අඩුවෙන් තමයි ඔවුන් සාර්ථක උනේ. අන්තිමට දැන් අපේ උපදෙස් හැමෝම පිළිපදිනවා. රජයේ අනුග්‍රහයෙන් ජීප්රථහා ට්‍රැක්ටර් මත සවිකළ විශාල ඉසින යන්ත්‍ර හරහා දැන් අපි හරි ඉලක්කයට පහර දෙනවා. ඩ්රෝන යානා මගින් ගුවනේ සිට පවා අපි පලිබෝධනාශක ඉසිනවා. මිලියන ගණනින් එනවා වගේම මිලියන ගණනින් සතුන් මැරිලා වැටෙනවා.”නිර්මලා තම වාර්තාවේ මෙසේ ද සඳහන් කර තිබේ.
‘මීට පෙර මම දැකලා නෑ ගොවි ජනතාව තමාගේ පෞද්ගලික සම්පත්, ශ්‍රමය හා ශක්තිය පොදු කටයුත්තකට යොදවන්න මේ තරමට එක්සත් වූ අවස්ථාවක්. අපි ඔවුනට ප්‍රණාමය පුදකළ යුතුයි. උදේ පාන්දරම අපි දකිනවා ඉසින යන්ත්‍ර සවිකරගත් ට්‍රැක්ටර් සියගණනක් පෝලිම් ගැහෙන හැටි. තවසතියක් හෝ දින 10ක් පුරාවට වුවත් මේ සහයෝගය දෙන්න මුළු පළාතේම ගොවිජනතාව කැපවෙලා ඉන්නවා වගේ පේනවා. අපි මේ සියලුම දේ වීඩියෝ කරනවා, ඒ හරහා වසර 25කට පසුව පැමිණි මේ ව්‍යසනය ජයගත් ආකාරය චිත්‍රපටියක් මාර්ගයෙනුත් පෙන්නන්න බලාපොරොත්තු වෙනවා.”

ඉන්දියාවේ පලිබෝධනාශක භාවිත රටාව අප ආදර්ශයට ගත යුතු නොවේ. එහි ඇති අනාරක්ෂිතභාවය මීට පෙර කීපවරක්ම මෙවැනි ලිපි හරහාම සඳහන්කර ඇති අතර ඊට සාපේක්ෂව අපගේ පලිබෝධනාශක නියාමනය ඉතාමත් ආරක්ෂාකාරී වේ. යම් වසදියරයක් බෝගවගාවන්ට යෙදීම සඳහා වෙළඳපොළට එන්නේ පලිබෝධනාශක රෙජිස්ට්‍රාර් කාර්යාලය නමැති‘සිදුරු නැති පෙනේරය’ හරහා ගමන් කිරීමෙන් පසුවය. එය ඒ තරමට ම කටුක කාර්යාවලියකි.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කීට විද්‍යාඥයින් සෑමවිටම උපදෙස්දෙන්නේ ඒකාබද්ධ පලිබෝධ පාලන විධි බලාත්මක කරමින් බෝග රැකගැනී මටයි. මර්දනය කල නොහැකි වසංගත අවස්ථාවකදී පමණක් රසායනික පලිබෝධ පාලනයක් කරා ඔවුහු ගොවි ජනතාව මෙහෙයවති. හෙම්බිරිස්සාවට පස්පංගුව බිව්වාට, නියුමෝනියාවත් සෑදුන පසු ප්‍රතිජීවක පෙති නොගිල්ලොත්, ගෙදර ඉස්සරහ සුදු කොඩි දමන්නට සිදුවෙන වාසේ, කළු වලාවක් සෙයින් පළඟැටි හමුදාවක් කඩාපාත්වුව හොත් නම් අඳුරේ අතපත නොගා විද්‍යානුකූලව ඒදෙස බලා කටයුතුකිරීමට අප දැන්සිටම අධිෂ්ඨාන කරගත යුතුවේ.
අප එසේ පවසන්නේ පසුගිය වකවානුවේදී ‘සේනාදළඹුවා’ ගේ මර්දන අයිතිය දිනාගන්නට විවිධ කණ්ඩායම් ඇල්ලු අඩව්කස්තිරම් ගැන තවමත් අමතකවී නැති නිසාය. ඇතැමෙක් තමාට දෙනවා නම් දින කීපයකින් වැඩේ අහවර කරන බව පවසද්දී, දේශපාලන බලවතෙක් ඉතින් ගන්නකෝ කියා භාර දෙනවාද ජනතාව අසා සිටියේ දෙයියන්ගේ හාල්වල බලය මෙන්න මෙපමණකැයි ඇස්පනා පිට එලෙස ඔප්පුවෙත්දීය.
බීජ හරහා හෝ පොහොර තුල බහා සේනා දළඹුවාව මෙ රටට එව්වාසේ පළඟැටියාද අධිරාජ්‍යවාදීන්ගේ කුමන්ත්‍රණයක ප්‍රතිපලය කැයි කියන්න කරුණු කාරනා ද නැත. මිලියන ගණනින් සතුන් සිටිනා පළඟැටි වලාකුළු මේ පැත්තට තල්ලු කරන්නට බලවත් ජාතීන්ටද නොහැකි බැවිනි. ඒ නිසා සත්‍යයය ඇති සැටියෙන් දැකඑකමුතුව ප්‍රශ්නයට මුහුණදීමේ අවශ්‍යතාවය පළඟැටියා එන්නටත් කලින් අප අවධාරණය කරමු. අවබෝධයෙන් යුතුව අවධානයෙන් සිටීම අවදානම අවම කිරීමක් බව පමණක් අප විශ්වාස කරමු. ඉතිහාසය පුරාවටම අප විසින් උවදුරු පසුකර ගොස් ඇත්තේ එම සිද්ධාන්තයට කීකරුවී මෙන් මිස අතාත්වික සිල්ලර මතවාදයන් අලෙවි කිරීමෙන් නොවේ.
සනත් M. බණ්ඩාර
Assistant Director of Agriculture National Agriculture Information and Communication Centre Gannoruwa, Peradeniya