සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් බිහිවන සමගි ජනබලවේගය සඳහා නාමයෝජනා නොදී සිටීමට තරම් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා වරදක් කර නැතැයි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අද (26) විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසුවාය.
එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් හිරුණිකා මහත්මිය සදහන් කළේ රන්ජන් රාමනායක මහතාට ඇප හිමිවීමත් සමඟ ඉදිරියේදී ඒ මහතාගේ තවත් හඬපට පිටතට එනු ඇති බවයි.