ලක්ෂ්මන් හුළුගල්ලට විදේශ සේවයේ ලොකු පුටුවක්: ඇතුලෙන්ම අප‍්‍රසාදය

ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කළ ලක්ෂ්මන් හුළුගල්ල මහතා මහ බ්‍රිතාන්‍යයේ හෝ ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නියෝජ්‍ය කොමසාරිස් තනතුරට පත්කිරීමට අවශය ලියකියවිලි සියල්ල මේ වනවිට ජනාධිපති ලේකම් කාර්යාලය මගින් සකස් කර ඇති බව ජනපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග කියයි.

ඔහුට වඩා උගතුන් සහ අත්දැකීමෙන් පරීපූර්ණ නිලධාරීන් මෙම තනතුර සඳහා පත් කිරීමට සිටියදී මොහු වැන්නෙකුගේ පත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේම නිලධාරීන් අප්‍රසාදය පල කර ඇති බවද වාර්තා වේ.

කෙසේ වෙතත් මේ වනවිට ඔහුගේ පත්කිරීමට අදාළ ලියකියවිලි සියල්ල සකස් කර අවසන් වන නමුත් ඔහුව පත්කරන්නේ බ්‍රිතාන්‍යයටද නොඑසේනම් ඕස්ට්‍රේලියාවටද යන්න මෙතෙක් තහවුරු වී නැති බවයි ජනපති කාර්යාල ආරංචි මාර්ග සදහන් කළේ.

පසුගිය මහින්ද රාජපක්ෂ පාලන සමයේ අපකීර්තිමත් චරිතයක් ලෙස ප‍්‍රකට ලක්ෂ්මන් හුළුගල්ල මහතා සුප්‍රසිද්ධ සලාකා සූදුපිටිය සිද්ධියේ ප්‍රධාන භූමිකාව රඟ පෑ පුද්ගලයා වූ අතර ඔහු මීට පෙර දෙවතාවකදී විවිධ ආරවුල් මත නිදිපෙති පානය කොට රෝහල්ගත කොට ප්‍රතිකාර ලබා ඇති අයෙකි. මෙවැනි පත් කිරීම් සමග ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ‘වියත් මග‘ රෙදි ගැළවෙන බවයි දේශපාලන විචාරකයින්ගේ අදහස වන්නේ.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.