‘වියළි කාලගුණයෙන්’ දරුවන් රැක ගන්න – සෞඛ්‍ය අංශ කියයි ක‍්‍රීඩා

ක‍්‍රීඩා පිටියේදී දරුවන් ගැන වැඩි අවධානයක් ඕනෑ
ස්නානයට වැඩි කාලයක් දෙන්න
ඇදුම ඇති දරුවන් ප‍්‍රවේශම් කර ගන්න

මේ දිනවල පවතින අධික රස්නය හේතුවෙන් දරුවන් විජලයට පත්විය හැකි බැවින් වෙනදාට වඩා ජලය පානය කිරීමට උපදෙස් දෙන ලෙස විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා දෙමාපියන්ගෙන් ඇතුළු වැඩිහිටියන්ගෙන් ඉල්ලීමක් කරයි.

කොළඹ රිජ්වේ ආර්යා රෝහලේ සේවයේ නියුතු විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කරන්නේ විශේෂයෙන් මේ දිනවල පාසල්වල ක‍්‍රීඩා උත්සව පවත්වන බැවින් දරුවන් වැඩි වේලාවක් අව්වේ සිටීම විජලනයට හේතුවක් විය හැකි බවත් එමගින් ‘තාපකම්පන’ තත්ත්වයක් ඇති විය හැකි බවයි.

‘මේ තත්ත්වය සෑම වසරකම මේ කාලය තුළ සුලභව සිදුවන දෙයක්. මොකද සියලූම පාසල්වල මේ කාලයේ නිවාසාන්තර ක‍්‍රීඩා උත්සව තිබෙනවා. ළමුන් සිටිනේනේ එළියේ. ඔවුන් අධික ලෙස වෙහෙසෙනවා. ඒ නිසා දෙමාපියන් වගේම ගුරුවරුන් ද මේ ගැන දැඩි අවධානය යොමු කළ යුතුයි’

මේ සඳහා වන විකල්පයක් ලෙස විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කරන්නේ වෙනත් දිනවල දරුවන් ස්නානය කිරීමට යොදවන කාලයට වඩා වැඩි කාලයක් ඒ සඳහා යෙදවිය යුතු බවයි.
‘මේ වියළි කාලගුණය සමග දුවිල්ලත් වැඩියෙන් තිබෙනවා. ඒ නිසා ඇදුම හො ශ්වසන අපහසුතා ඇති දරුවන් ගැන වැඩියෙන් සැලකිලිමත් විය යුතුයි. ඔවුන්ට මේ තත්ත්වය පැහැදිලිව ඔරොත්තු දෙන්නේ නැහැ’ යැයි ද විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කළේය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.