ශ‍්‍රීලනිපය ‘හකුලා ගනී’: නව සන්ධානයේ නායක මහින්ද – ලකුණ ‘පොහොට්ටුව’

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ඒකාබද්ධව තරග කිරීම ‌සඳහා ‘ශ්‍රී ලංකා නිදහස් ‌පොදුජන සන්ධානය’ පිහිටුවීමට අයදුම්පතක් ඊයේ (17) මැතිවරණ කොමිසන් සභාව වෙත ඉදිරිපත් කළ බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප‍්‍රකාශකයෙක් සඳහන් කළා.

ඔහු සඳහන් කළේ නව සන්ධානයේ / පක්ෂයේ ලකුණ ලෙස ‘පොහොට්ටුවම’ යොදා ගැනීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය එකඟ වූ බවයි. ‌පොදු ලකුණක් යටතේ මහමැතිවරණයට තරග කළ යුතු බව කී ශ්‍රීලනිපය තම ස්ථාවරය වෙනස් කරගෙන ‌පොහොට්ටුව ලකුණ යටතේ තරග කිරීමට එකගතාව පළ ‌කිරීම ඔවුන් ගත් වැදගත් තීන්දුවක් බව ද ඔහු සඳහන් කළා.

නව සන්ධානයේ සමනායකත්වය අගමැති මහින්ද රාජපක්ෂ මහතාට හිමිවී ඇති බවත් එහි සභාපති පදවිය හිටපු ජනාධිපති සිරිසේන මහතාට ලබා දුන් බවත් පැවසූ ශ‍්‍රීලපොපෙ ප‍්‍රකාශකයා නව සන්ධානයේ නායකත්වය මහින්ද රාජපක්ෂ මහතා සහ හිටපු ජනාධිපති ‌මෛත්‍රීපාල සිරිසේන ‌දෙදෙනා අතරේ ‌‌බෙදී යායුතු බවට මුලින් දැරූ ස්ථාවරයෙන් ඔවුන් ඉවත් වීම සාධනීය තත්ත්වයක් බව ද කියා සිටියා.

නව සන්ධානයේ මහ ලේකම් ලෙස බැසිල් රාජපක්ෂ මහතාත්, උප ලේකම් ධුරය උදය ගම්මන්පිල මහතාත්, එහි නියෝජ්‍ය සභාපති ලෙස අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාත් පත්ව ඇති අතර නියෝජ්‍ය ලේකම් ධුරය අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත ද සන්ධානයේ ජාතික සංවිධායකවරුන් ලෙස අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා හා අමාත්‍ය විමල් වීරවංශ මහතා ද පත්කර තිබෙනවා.

පක්ෂයේ උපසභාපතිවරුන් ලෙස තිස්ස විතාරණ, අමාත්‍ය වාසුදේව නානායක්කාර හා ඩිව්ග ගුණසේකර ද පත්කර තිබෙනවා.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.