සංචාරක කාර්ය සාධන බලකායේ වාර්තාව කඩිනමින් ලබා දෙන්න – ඇමැති ප‍්‍රසන්න

සංචාරක ප්‍රවර්ධනය සදහා ක්‍රියාකාරී සැලැස්මක් සැකසීමට පත් කළ කාර්ය සාධන බලකායේ වාර්තාව තමන්ට කඩිනමින් ලබා දෙන්න ඇමති ප්‍රසන්න රණතුංග මහතා සංචාරක හා ගුවන් සේවා අමත්‍යාංශ ලේකම්වරියට උපදෙස් දෙයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ සංචාරක අමාත්‍යංශ නිළධාරින් අතර පසුගිය දා පැවති සාකච්ඡාවෙන් පසු මෙම කාර්යසාධන බලකාය පිහිටුවනු ලැබීය. බලකායේ ප්‍රධානියා වන්නේ සංචාරක හා ගුවන්සේවා අමාත්‍යංශයේ ලේකම් එස්.එම්.මොහොමඩ් මහත්මියයි. සංචාරක සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකන් ගුවන් සමාගම, ගුවන් තොටුපළ හා ගුවන් සේවා අධිකාරිය, සිවිල් ගුවන් සේවා අධිකාරිය යන ආයතන ඊට ඇතුළත් වේ. මම කාර්ය සාධන බලකාය පත් කෙරුණේ වසර 2025 වනවිට සංචාරකයන් ලක්ෂ 70 ක් මෙරටට ගෙන්වා ගැනීම හා ඩොලර් බ්ලියන 10 ක ආදායමක් මෙරට ජාතික ආර්ථිකයට එකතු කිරීම සදහා වන සැලසුම් සැකසීමට හා ක්‍රියාත්මක කිරීම සදහායි.

මෙම කාර්ය සාධන බලකාය සිය ක්‍රියාකාරී සැලැස්ම සැකසීමේ දී අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ ඇමතිවරයා දැනටමත් අදාළ අංශ වෙත දැනුම් දී තිබේ. ඒ අනුව මෙම ක්‍රියාකාරී සැලැස්මට ඒ ඒ ආයතන මගින් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත වැඩසටහන්, උපාය මාර්ග අභියෝග හා අභියෝග ජය ගැනීමට අදාළ යෝජනා ඇතුළත් කරන ලෙස උපදෙස් දී ඇත. සංචාරකයන් පැමිණීම වර්ධනය කර ගැනීම සදහා විදේශයන් හි සිටින තානාපතිවරුන්, මහකොමසාරිසවරුන්ගේ සහාය ලබා ගැනීම සදහා වි‍ශේෂ වැඩ පිළිවෙලක් යෝජනා කරන ලෙසද අදාළ ආයතන වලට දැනුම් දී තිබේ.

එමෙන් ම මෙම ක්‍රියාකාරී සැලැස්ම සැකසීමේ දී සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ වනජීවි, පුරා විද්‍යා, මධ්‍යම සංස්කෘතික අරමුදල වැනි ආයතන සම්බන්ධ කරගෙන කටයුතු කිරීමේ අවශ්‍යතාවයද අවධාරණය කර ඇත. සංචාරක හෝටල්, ලැගුම්හල් වල ප්‍රමිතිය ඉහළ නැංවීම, සංචාරකයන්ගේ ආරක්ෂාව සහතික කිරීම සදහා සංචාරක පොලීසියේ කාර්යයභාර්ය සවි බල ගැන්වීම, කල්පිටිය, කුච්චවේලී, මිරිස්ස, පාසිකුඩා වැනි වැඩි සංචාරක ආකර්ෂණයක් ඇති ස්ථාන ආශ්‍රිතව යටිතල පහසුකම් වර්ධනය කිරීමට අදාළ සැලසුම් ඉදිරිපත් කරනු ලබන ක්‍රියාකාරි සැලැස්මට ඇතුළත් විය යුතු බව ද ඇමති ප්‍රසන්න රණතුංග මහතා කාර්ය සාධන බලකායට උපදෙස් දී තිබේ.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.