සංචාරක, ගුවන් සේවා පැමිණිලි විමර්ශනය සදහා විශේෂ ඒකකයක්

කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍යංශයට අයත් ආයතනවලට අදාළ පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශනය සදහා විශේෂ විමර්ශන ඒකකයක් ස්ථාපිත කෙරේ. ඒ සදහා කඩිනමින් පියවර ගන්නා ලෙස කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අමාත්‍යංශ ලේකම්වරියට උපදෙස් දුන්නේය.

කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍යංශය යටතට ආයතන 08 ක් ඇතුළත් වේ. ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම, ශ්‍රී ලංකන් ගුවන් සමාගම, සිවිල් ගුවන් සේවා අධිකාරිය, සංචාරක සංවර්ධන අධිකාරිය, සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය, සංචාරක හෝටල් කළමණාකරණ පුහුණු ආයතනය හා ශ්‍රී ලංකා සම්මේලන කාර්යාංශය, අපනයන සංවර්ධන මණ්ඩලය එම ආයතන වේ.  

මෙම ආයතනවලට අයත් කාර්යවලදී හා මෙම ආයතනවලට සම්බන්ධ කටයුතු වල දී මහජනතාව පීඩාවට පත්වීම් සම්බන්ධයෙන් තමන්ට විවිධ පැමිණිලි ලැබී ඇතැයි ඇමති ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දෙයි. එමෙන් ම මෙම ආයතනවල අභ්‍යන්තර කටයුතු සමිබන්ධයෙන් ද තමන්ට විවිධ පැමිණිලි ලැබී ඇතැයි පෙන්වා දෙන ඇමතිවරයා මේ සම්බන්ධව විධිමත් පරීක්ෂණ පවත්වා ඒ පිළිබද කඩිනම් පියවර ගැනීමේ අවශ්‍යතාවයද පෙන්වා දුන්නේය.

ගුවන් තොටුපළ තුල දී මගීන් මුහුණ දෙන ගැටළු, සංචාරකයන්ට සිදුවන අතවර හා ඒ සම්බන්ධ පැමිණිලි, ශ්‍රී ලංකන් ගුවන් යානා වල දී මගීන් මුහුණ දෙන ගැටළු, ආයෝජකයන් මුහුණ දෙන ගැටළු, නිදහස් වෙළද තලාප වල පවතින ගැටළු සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි පිළිබද විමර්ශනය කිරීම  මෙම ඒකකයට පැවරේ.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.