සජිත්ට ‘හංසයාත්’ නැති වෙන හැඩ

ඉදිරි මහ මැතිවරණයේ දී ජාතික සමගි බලවේගයට හංසයා ලකුණින් තරග කිරීමට නොහැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ නියෝජිතයන් අද (19) දැනුම් දුන් බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් ප‍්‍රකාශ කළා.

සන්ධාන සලකුණ සම්බන්ධයෙන් නීති කෘත්‍යයක් පැන නැගීම හේතුවෙන් මැතිවරණ කොමිෂන් සභාව සමඟ ජාතික සමගි බලවේගය සහ එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයන් අද (19) රාජගිරියේ පිහිටි කොමිෂන් සභා කාර්යාලයේ දී සාකච්ඡාවක් පැවැත්වූ අතර එහිදී මැතිවරණ කොමිසම මේ බව දැනුම් දුන් බවයි එජාප මහ ලේකම්වරයා කියා සිටියේ.

මැතිවරණ කොමිසමේ පැවති සාකච්ඡාවෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ රවී කරුණානායක පවසා ඇත්තේ මහ මැතිවරණය සඳහා අලියා ලකුණින් තරග කිරීමට සන්ධානයේ බහුතරය කැමති බවයි.

මැතිවරණ කොමිෂන් සභාව සමඟ පැවැති සාකච්ඡාවට එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම්ල ජාතික සමගි බලවේගය ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර සහ එක්සත් ජාතික පක්ෂයේ උප නායක මන්ත්‍රී රවී කරුණානායක සහභාගී වුණා.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.