සමගි බලවේගය ගොඩනැගූ හේතුව සජිත් කියයි

වත්මන් රජයේ අදූරදර්ශී රාජ්‍ය පාලනය හේතුවෙන් විපතට පත් රටේ සමස්ත ජනතාව සහ රට එයින් මුදා ගැනීමට සමගි ජන බලවේගය ගොඩනැගූ බව බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. පාර්ලිමේන්තු සංකීර්ණයේ අද (25) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විපක්ෂ නායකවරයා සඳහන් කළා.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා කියා සිටියේ සමගි ජන බලවේගයේ ප්‍රධාන කොටස්කරුවෙකු ලෙස ජාතික හෙළ උරුමයේ මහ ලේකම් පාඨලී චම්පික රණවක මහතා නිල වශයෙන් එක් වූ බවයි.

මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ චම්පික රණවක මහතා කියා සිටියේ දැනුම පදනම් කරගත් ආර්ථිකයකට රට ගෙන යාම සඳහා තරුණ පරපුරට සහ වියතුන්ට සමගි ජන බලවේගය සමග එක්වන ලෙස ආරාධනා කරන බවයි.

සමගි ජන බලවේගයට ඉදිරි දින කිහිපයේදී තවත් පක්‍ෂ සහ පුද්ගලයන් එක්වීමට නියමිත බවද රණවක මහතා එහිදී වැඩිදුරටත් පවසා සිටියා.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.