සයින්දමරුදු: සමාජ මාධ්‍ය අඩවිවල වෛරී ප්‍රකාශනවල ඉහළ යාමක්

සයින්දමරුදු ප්‍රදේශයට නගර සභාවක් ලබා දීම පදනම් කරගනිමින් සමාජ මාධ්‍ය වෙබ් අඩවි වල පරිශීලකයන් විශාල වශයෙන් ජාතීන් අතර අසමගිය ඇතිකරවන සහ ජනාධිපතිවරයාට ඇතුළු වෙනත් ආගමික නායකයින්ට අපහාසවන ආකාරයේ වෛරී ප්‍රකාශන හුවමාරු කරගැනීමේ ප්‍රවනතාවයක් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට ITSSL නිරීක්ෂණය කිරීමට හැකිවී ඇත.

මේ දිනවල විශේෂයෙන්ම ෆේස්බුක් සමාජ මාධ්‍ය වෙබ් අඩවියෙහි පලවන අන්තර්ගතයන් පසුගිය ජනාධිපතිවරණ මැතිවරණ සමයේ මෙන් විශේෂ පිරික්සීමකට ලක් නොවන බැවින් ඒ සම්බන්ධයෙන් සොයා බලා වහාම ක්‍රියාත්මක වන ලෙස අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස ෆේස්බුක් සමාගමේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කටයුතු කරනා නියෝජිතවරයාගෙන් ඉල්ලා සිටිමු.

තවද මෙවැනි වෛරී ප්‍රකාශන හා අන්තර්ගතයන් සමාජ මාධ්‍ය අඩවි වල හුවමාරු කරගැනීමට යාමෙන් වලකින ලෙස අප සංගමය ශ්‍රී  ලාංකික සමාජ මාධ්‍ය පරිශීලකයන්ට දැනුම් දෙමු.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.