AIRBUS අල්ලස: ශ‍්‍රී ලන්කන් ප‍්‍රධානීන්ගේ සැලසුම වතුරේ

ආන්දෝලනයට ලක්ව ඇති එයාර්බස් අල්ලස් ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමසීමට කෝප් කමිටුව හමුවට කැඳවීම පසුවට කල් දමන්නැයි ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධානීන් කළ ඉල්ලීම එම කමිටුවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වෙයි.

එන්න බැරි නම් ඇත්ත හේතුව කියන්න –

ශ‍්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු ප‍්‍රධාන විධායක කපිල චන්ද‍්‍රසේන මහතා සහ ඔහුගේ බිරිය විසින් එයාර් බස් සමාගමෙන් ඩොලර් මිලියන 2ක අල්ලසක් ලබා ගැනීම හා අදාළ එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට කෝප් කමිටුව හමුවේ ලබන 19 වැනිදා බදාදා පෙනී සිටින්නැයි එම කමිටුව විසින් පසුගිය ශ්‍රීලංකන් සමාගමේ ප්‍රධානීන්ට පසුගියදා දැනුම් දුන්නේය.

එම දැනුම් දීම අනුව ලබන 19 වැනිදා කෝප් කමිටුව හමුවේ පෙනී සිටිය යුතු වවුත් ශ්‍රීලංකන් සමාගමේ ප්‍රධානීන් සුනිල් හඳුන්නෙත්ති මහතා අමතා සිද්ධිය පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කළ යුතු නිසා කමිටුව හමුවට ඒමට වෙනත් දිනයක් ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.

එම ඉල්ලීම තරයේ ප‍්‍රතික්ෂේප කළ සුනිල් හදුන්නෙත්ති මහතා පවසා ඇත්තේ ශ්‍රීලංකන් සමාගමේ වත්මන් පාලකයන් සමාගම බාරගැනීමට පෙර සිදු වූ සිද්ධියක් විගණන වාර්තා පදනම් කරගෙන සාකච්ඡා කිරීමට අමතර කාලයක් ගැනීමේ අවශ්‍යතාවක් නැති බවයි. නමුත් එසේ පැමිණීමට නොහැකි නම් ඇත්ත හේතුව කියන්නැයි හදුන්නෙත්ති මහතා ශ‍්‍රී ලන්කන් ප්‍රධානීන්ට මෙහිදී දැනුම් දී තිබේ.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.