හිටපු ඇමති රාජිතට කුරේ පිටට මරේ වෙයි (වීඩියෝ)

රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය අමාත්‍ය ධුරය දැරූ සමයේ ඔහුට හිතවත් සමාගම්වලින් සිදු කළ ඖෂධ මිලටගැනීම් හරහා අක්‍රමිකතා රැසක් සිදුව ඇති බවත්, එම ගනුදෙනු හරහා අතිවිශාල පාඩු සිදුව ඇති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

පිළිකා රෝගයට අදාළ බාල ඖෂධ එන්නත් ආනයනය කිරීමේ චෝදනාව මත ෆාමේස් පුද්ගලික සමාගමේ ව්‍යාපාරික කටයුතු තාවකාලිකව අත්හිටුවීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය ගත් පියවර සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔවුන් මේ කරුණු අනාවරණ කළේය.

නියමිත ක්‍රමවේදයට පටහැනිව ඖෂධයක් ලේබල් කිරීම, අධිකාරියේ ලියාපදිංචිය නොකර ඖෂධ ආනයනය කිරීම ඇතුළු චෝදනා ගණනාවක් අදාළ සමාගමට එල්ල වී තිබේ.

ශ්‍රී ලංකාව තුළ ලියාපදිංචිය නොමැති බංග්ලාදේශ සමාගමක ඖෂධ කූඨ ලෙස ලේබල් වෙනස් කරමින් මෙරට වෙළෙඳ පොළට නිකුත් කිරීමට ෆාමේස් නමැති සමාගම ඉකුත් වසරේ දෙසැම්බර් 27 වැනිදා කටයුතු කරමින් සිටියදී නීතියේ රැහැනට හසුකරගෙන ඇත.

ඒ අනුව ඒ සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන අවසන් කර  එම සමාගමේ ව්‍යාපාර කටයුතු තාවකාලිකව අත්හිටුවීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය පසුගිය සඳුදා (03) පියවර ගත්තේය.

මේ අතර 2019 වසරේ දෙසැම්බර් මස රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ප්‍රසම්පාදන කටයුතු පිළිබඳව සිදු කෙරුණු විශේෂ පරීක්ෂණ වාර්තාවක් ප්‍රධාන අභ්‍යන්තර විගණක විසින් 2019 වසරේ අප්‍රේල් 30 දාතමින් යුතුව නිකුත් කර ඇති අතර ඖෂධ මිලදී ගැනීමේ ක්‍රියාවලියේ සිදු වූ අක්‍රමිකතා රැසක් පිළිබඳව එහි කරුණු අනාවරණ කර ඇතැයි රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.

එක් පිළිකා එන්නත් විශේෂයක් සඳහා 2018 වසරේ එක් සමාගමක් අඩු ලංසුවක් ඉදිරිපත් කර තිබියදී පෙර සඳහන් කළ ෆාමේස් නමැති සමාගමෙන් වැඩි ලංසුවක් යටතේ මිලට ගැනීමෙන් රුපියල් මිලියන 93කට අධික පාඩුවක් සිදුව ඇති බව අදාල වාර්තාවේ සඳහන්.

රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය ඇමතිව සිටින සමයේදී තවත් මෙවැනිම අක්‍රමිකතා සහ බාල ඖෂධ මිලදී ගැනීම් අදාළ සමාගමෙන් සිදු කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් පෙන්වා දෙයි.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *