නව කොරෝනා වෛරසය හේතුවෙන් චීනය තුළ මිය ගිය පුද්ගලයන් සංඛ්‍යාව 304 දක්වා ඉහළ ගොස් ඇති අතර වෛරසය ආසාදිතයන්ගේ සංඛ්‍යාව 13,824ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මාරාන්තික කොරෝනා වෛරසයෙන් චීනයෙන් පිටතදී සිදු වූ පළමු මරණය ලෙස වාර්තාවන්නේ පිලිපීනයේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගියකු බව ලෝක සෞඛ්‍ය සංවිධානය තහවුරු කර තිබේ. විදෙස් මාධ්‍ය සඳහන් කෙළේ මෙලෙස මිය ගොස් ඇත්තේ 44 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් බවත් ඔහු චීනයේ වූහාන් නගරයේ සිට පිලිපීනයට පැමිණි පුද්ගලයෙන් බවද අනාවරණය වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහාන් කරයි.
මීට අමතරව චීනය ඇතුළු ලොව රටවල් 29 කින් මේ වනවිට නව කොරෝනා වෛරසය ආසාදිතයන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 15,000 කට ආසන්නය. පවතින තත්ත්වය අනුව නව කොරෝනා වෛරසය යම් රටක් තුළ ව්‍යාප්ත වීමේ අවදානමක් මතුවුවහොත් ඒ සඳහා සූදානමින් පසුවන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා ඇත.
චීනය සමඟ දේශ සීමා වසා දැමීමට රටවල් රැසක් කටයුතු කැර ඇති අතර අමෙරිකාව හා ඕස්ට්‍රේලියාව චීනයේ මෑත කාලයේ සංචාරය කළ සංචාරකයන්ට තම රටට ඇතුළු වීම තහනම් කැර තිබේ. රුසියාව ජපානය , පාකිස්ථානය සහ ඉතාලිය ද මෙවැනිම සංචාරක තහනම් නිකුත් කිරීමට කටයුතු කැර ඇත. මෙම තහනම මඟින් චීනය හුදෙකලා කිරීමක් සිදු නොකරන බවත් වෛරසය පැතිර යෑම වැළැක්වීමට පමණක් මෙය සිදුකරන බවත් එම රටවල් දැනුම් දී තිබේ. චීනය හැර සෙසු රටවල් වලින් වෛරසය ආසාදිත පුද්ගලයින් සියදෙනකු පමණ හඳුනාගෙන ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරයි.
මේ අතර අමෙරිකාවෙන් 8 වැනි කොරෝනා ආසාදිතයාද වාර්තා වී ඇති අතර ඔහු බොස්ටන් විශ්ව විද්‍යාල සිසුවෙකි. මීට අමතරව කොරෝනා වෛරසයට ගොදුරු වූ නවතම රටවල් වන්නේ රුසියාව හා ස්විඩනයයි.
මේ අතර පවතින මුඛ ආවරණ හිඟයට පිළියම් ලෙස වෙනත් ද්‍රව්‍ය භාවිතයෙන් වලකින ලෙස චීන බලධාරීන් එරට වැසියන්ගෙන් ඉල්ලීමක් කැර තිබෙනවා.
ඒ මුඛ ආවරණ හිඟ වීම නිසා ඔවුන් දොඩම් ලෙලි, ප්ලස්ටික් ජල බෝතල් හා සලාද කොල භාවිතා කරන අතර මුඛ ආවරණ නොමැති නම් විෂබීජ නාශකයක් භාවිත කර හොඳින් අත් සේදීම වඩාත් සුදුසු බව චීන සෞඛ්‍ය අංශ පෙන්වා දී ඇත.