විභාග සමත්වීම පමණක් නොව සමාජ ප්‍රගමනය සඳහා දායකවිය හැකි පරිපූර්ණ දරුවකු අවශ්‍යයි – ආනන්දය බිහිකළ ශ‍්‍රී ලංකාවේ එකම සහ පළමු ජනපති

විභාගවලට පෙනී සිට සමත්වීමට පමණක් නොව, රටේ ආර්ථික හා සමාජයීය ප‍්‍රගමනය සඳහා සක‍්‍රීය ලෙස දායක කරගත හැකි පරිපූර්ණ දරුවන් බිහිකිරීම අපගේ අරමුණ විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පැවසීය.

අභිනවයෙන් ඉදිකළ කොළඹ ආනන්ද විද්‍යාලයීය සත්මහල් ගොඩනැඟිල්ල සිසු අයිතියට පත් කිරීම වෙනුවෙන් ඊයේ (07 වැනිදා) පැවැති උත්සවය අමතමින් එසේ කී ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙසේද සඳහන් කළේය.

ආනන්දයේ නව සත්මහල් ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයට ආදි ආනන්දියෙකු හා රාජ්‍ය නායකයා වශයෙන් සහභාගි වන්නට ලැබීම මට විශාල සතුටක්. ආනන්ද විද්‍යාලය විසින් බිහිකළ ශ‍්‍රී ලංකාවේ එකම ජනාධිපතිවරයා ලෙස ඔබව අමතන්නට ලැබීමත් මහත් ගෞරවයක් සේ සලකනවා. ඒ වගේම ජීවිතයේ ලද මහත් භාග්‍යයක් ලෙසද සලකනවා. අද මා මෙතැන ඉන්නේ මේ විද්‍යාලයෙන් ප‍්‍රාථමික අධ්‍යාපනය හා ද්විතීය අධ්‍යාපනය ලැබීම තුළින් මා ලැබූ දැනුම සහ හැදියාව නිසයි. මගේ ජීවිතයේ මේ අවස්ථාවට එන්නට මා ආභාෂය ලැබූ ප‍්‍රධාන තැන් තුනක් තිබෙනවා. ප‍්‍රථමයෙන්ම මගේ ආදරණීය දෙමව්පියන්ගේ සෙවන. දෙවනුව මගේ පාසල වන මේ ආනන්ද විදුහල. තෙවනුව අවුරුදු 20ක් මගේ තරුණ වයසේ සිටම මැදි වයස දක්වා හමුදා නිලධාරියෙකු ලෙස මා පුහුණුව ලැබූ ශ‍්‍රී ලංකා යුද හමුදාව. මේ තැන් තුනෙන්ම ලැබූ පරිචය නිසා තමයි මට අද මේ තත්ත්වයට එන්නට පුළුවන්කම ලැබුණේ.

අපේ රටේ තිබෙන ප‍්‍රමුඛතම සිංහල, බෞද්ධ විද්‍යායතනය ආනන්ද විදුහලයි. මේ පාසල පටන්ගත් දා සිටම මෙහි ඉගෙන ගත් සෑම සිසු දරුවෙකුටම ජාතිකත්වය සහ බෞද්ධ දර්ශනය ගැන හැඟීමක් තිබෙනවා. නිදහස් බෞද්ධ චින්තනයට ආනන්දය කවදත් තෝතැන්නක් වුණා. ඒ සෑම දරුවෙකුගේම ජීවිත අලංකාරවත්, අලෝකවත් වුණෙත් මේ අධ්‍යාපනය නිසයි. ආනන්ද විදුහලේ ශිෂ්‍ය නේවාසිකාගාරයේ නැවතී සිටි කාලයේ ඕල්කට් ශාලාවේ අපේ රටේ දැවැන්ත යුග පුරුෂයන් ඇවිත් දේශන පවත්වනවා. ඔවුන් ජාතිහිතෛෂී, ජාතිමාමක පුද්ගලයන්. නිදහස් සටනට උරදුන් ෆිලිප් ගුණවර්ධන, කොල්වින් ආර් ද සිල්වා, එන්. එම්. පෙරේරා, කොටගම වාචිස්සර ස්වාමීන්වහන්සේ වැනි අය මේ ශාලාවේ දේශන පවත්වනවා මට මතකයි. ඒ වියතුන් බොහෝ වෙලාවට මේ දේශන පවත්වන්න ආවේ සති අන්තවල. නේවාසිකාගාරවල හිටපු අපට මේ දේශන අහන්න අවස්ථාව ලැබුණා. එයින් අපිට අපේ රට ගැන ආදරයක්, ඒ වගේම විශාල භක්තියක් ඇති වුණා.

අප රටේ හිටපු හොඳම ගුරුවරුන් මේ පාසලේ හිටියා. ඒ අය බොහෝ සුවිශේෂීයි. ඔවුන් අධ්‍යාපනය පමණක් නොව අපේ හර පද්ධතියත් සකස් කළා. අපේ අනාගතයට හොඳටම හරි පාර කියා දුන්නා. ඒ අය ගුරු වෘත්තියට තදින්ම ඇලූම් කළා. ඒ අයට එය රැකියාවක් පමණක් වුණේ නැහැ. ඒ නිසයි අපට ඔවුන්ගේම දරුවන් වගේ ආදරෙන් සැලකුවේ. මගේ මතකයේ හොඳින්ම තැන්පත් වෙලා තියෙන කෙනෙක් තමයි ප‍්‍රාථමික පන්තියේ ප‍්‍රථම ගුරුවරිය පෙරේරා මහත්මිය. මගේ දෙමව්පියන් මාව එතුමියගේ ගෙදර තමයි නවත්වලා තිබුණේ. ශිෂ්‍ය නේවාසිකාගාරයට එන්නට වයස මදි නිසා තමයි එතුමියගේ ගෙදර නැවැත්වූවේ. එතුමියගේ සහකාර ගුරුතුමිය වශයෙන් සිටියේ සෝමා සූරියආරච්චි ගුරුතුමියයි. මම එතුමිය සමග තවමත් සම්බන්ධතා පවත්වනවා. නොයෙක් විෂයයන් උගන්වපු ගුරුවරුන් ගැන තවමත් මතකයේ තිබෙනවා. පූජ්‍ය කොටගම වාචිස්සර නායක හාමුදුරුවන් බුදුදහම උගන්වපු හැටි තවමත් මතකයි.

පතපොතෙහිම ඇලීගැලී කටයුතු කරන්නේ නැතිව වෙනත් විෂය බාහිර ක‍්‍රියාකාරකම්වලට සහභාගි වීමට අවස්ථාව ලැබුණා. එමගින් ශාරීරික අධ්‍යාපන කටයුතුවලට වගේම වෙනත් පන්තියෙන් බැහැර ක‍්‍රියාකාරකම්වලට යන්නට සිදුවුණා. ගණිතය, විද්‍යාව, භාෂාව ඉගෙන ගන්නවා වගේම වඩු වැඩ, යකඩ වැඩ වගේ දේවලූත් අපි ඉගෙන ගත්තා. ඒවා කරන්න විශේෂ ගුරුවරු, විශේෂ ස්ථාන තිබුණා. අද අප කතා කරන වෘත්තීය අධ්‍යාපනයට මෙය හොඳ අඩිතාලමක්.

අපේ පාසලෙන් බිහිවුන අය අතර සීමිත ඕවර් තරගවලදී ලෝක ශූරතාවය දිනාගත් නායකයා බිහි කරන්නට පුළුවන් වුණා. ඒ වගේම අවුරුදු 30 ක් තිස්සේ මේ රට වෙලාගත් යුද්ධය නිම කරන්නට මූලික වුණ ආරක්ෂක ලේකම්වරයෙක්, යුද හමුදාපතිවරයෙක්, නාවික හමුදාපතිවරයෙක්, පොලිස්පතිවරයෙක්, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අණදෙන නිලධාරියෙක් වගේම යුද හමුදාවේ නොයෙකුත් මට්ටමේ නායකයන් ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයන් ලෙස බිහිවුණා.

අපේ විදුහල කීර්තිමත් විද්‍යාඥයින්, පර්යේෂකයින්, ඉංජිනේරුවන් විශාල පිරිසක්, වෛද්‍යවරුන් ඒ වගේම ජනාධිපති නීතිඥවරුන්, හොඳ කලාකරුවන්, ඇමතිවරුන්, පාර්ලිමේන්තුවේ කථානායකවරයෙක්, අග‍්‍රාමාත්‍යවරයෙක් බිහි කළා. දැන් ජනාධිපතිවරයෙකුත් බිහිකරලා තියෙනවා. මීට අමතරව අපේ රටේ බොහෝ ඉහළ නිලතල දරන ආදි ආනන්දීයයන් අප සියලූ දෙනාටත්, ඔබටත්, මටත්, ආදි ශිෂ්‍යයන්ටත්, වර්තමාන ශිෂ්‍යයන්ටත් විශාල ආඩම්බරයක් වගේම ගෞරවයක්. වර්තමාන ශිෂ්‍යයන්ට මේ අය හොඳ පරමාදර්ශී චරිත බව අපි දන්නවා. ආනන්ද විද්‍යාලය සිංහල, බෞද්ධ ප‍්‍රමුඛ පෙළේ පාසලක් වුණත් අපේ පාසලේ වෙනත් ජාතීන්ට අයත් ශිෂ්‍යයන් ද සිටිනවා. හැබැයි ඒ කිසි කෙනෙක් අතර සිංහල, දෙමළ, මුස්ලිම් වේවා ජාති ආගම් භේදයක් තිබුණේ නැහැ. ඒ සියලූ දෙනාම විසල් ආනන්දීය පවුලේ සාමාජිකයින්. අපේ පාසලේ සෑම අංගයකින්ම මේ අය දස්කම් පෙන්නුවා. මේ එකමුතුකම ආනන්ද විද්‍යාලය ඉහළට ඔසවා තැබුවා. විද්‍යාලයේ දිගුකාලීන කීර්තිමත් ඉතිහාසයෙන් ඉගෙන ගතහැකි පාඩම් බොහොමයක් තිබෙනවා.

අද ලෝකය දෙස බැලූවිට දශක දෙකකට ඉහත තිබුණාට වඩා බොහෝ සෙයින් වෙනස්. පෙරදී තිබුණ වෛද්‍ය වෘත්තිය, ඉංජිනේරු වෘත්තිය, නීති වෘත්තිය, ගණකාධිකාරී වෘත්තිය වගේ එකල තිබූ පිළිගත් වෘත්තීන්ට වඩා බොහෝ රැුකියා අවස්ථා සහිත වෘත්තීන් බිහි වී තිබෙනවා. මේ අලූතින් ඇති වී තිබෙන වෘත්තීන්, ආර්ථික හා සමාජීය ප‍්‍රගමනයට ඉතා වැදගත්. අලූත් තාක්ෂණ ක‍්‍රමවේදයන් තුලින් විශාල ප‍්‍රමාණයක් අලූත් රැුකියා බිහිවී තිබෙනවා. දරුවන් මේ සඳහා යොමු කළ හැකි සුදුසු මාර්ගෝපදේශ ක‍්‍රමවේදයන් හඳුන්වා දී අපේ දරුවන් අලූත් රැුකියා අවස්ථාවලට යොමු කරන්නට ඕනෑ. එවැනි ව්‍යායාමයන් අපේ සමාජ ප‍්‍රගමනයට විශාල පිටුවහලක් ලබා දෙනවා. අපේ විශ්ව විද්‍යාලවලට ඇතුළත් විය හැකි ශිෂ්‍ය සංඛ්‍යාව බොහොම සීමිතයි. මේ බව අප වටහා ගතයුතුව තිබෙනවා. විශ්ව විද්‍යාල පද්ධතියේ තිබෙන සීමිත ඉඩකඩ නිසා අපට බඳවා ගතහැකි සංඛ්‍යාව මේ ප‍්‍රමාණයට අඩු වෙලා. මූලික අධ්‍යාපන පද්ධතිය මේ ගැන සැලකිල්ලට ගෙන අප වෙනස් කළයුතුයි.

ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු තෘතීය අධ්‍යාපන ක‍්‍රමයක් සැකසීම මගේ ප‍්‍රධාන අරමුණයි. විශ්ව විද්‍යාල අධ්‍යාපනය දියුණු කරනවා වගේම වෙනත් තෘතීය මට්ටමේ අධ්‍යාපනය ලබාදෙන ආයතනද අපි ස්ථාපිත කළ යුතුයි. වෘත්තිය පුහුණුව තුළින් සාර්ථකත්වය කරා බොහෝ ශිෂ්‍යයන්ට පියනගන්නට පුළුවන්.

ඔවුන්ගේ දක්ෂතාවයන් සහ හැකියාවන් උපයෝගී කරගෙන මේ සඳහා ශිෂ්‍යයන්ට මගපෙන්විය යුතුය. අපි මේ ගැන දීර්ඝ වශයෙන් සලකා බලා තිබෙනවා. ඒ අනුව නොයෙකුත් නවීන තාක්ෂණික අංශ වලට දරුවන් යොමු කිරීමට අප දැනටමත් කටයුතු යොදා තිබෙනවා. මේ අතර භාෂා නිපුණතාවයන්, පරිගණක වැඩසටහන් සැකසීම, ඉලෙක්ට්‍රොනික් විද්‍යාව, වඩුවැඩ, ඒ වගේම පයිප්ප වැඩ පාසල් කාලය තුළදීම කුඩා කල සිටම දරුවන්ට අප ඉගැන්විය යුතුයි. තමන්ගේ ද්විතීයික අධ්‍යාපනය අවසන් කළ විට අමතර ක්ෂේත‍්‍රයන් ගැන අවබෝධයක් ලබාගැනීමට දරුවන්ට හැකියාව ලැබෙනවා.

මෙම අදහස් මගේම ඒවා පමණක් නොවෙයි. පසුගිය වසර කිහිපය තුළම බොහෝ දෙනෙකුට ඇහුම්කන් දුන්නා. ඔවුන් සමග සාකච්ඡුා කළා. ප‍්‍රසිද්ධ විද්වතුන් සමග වාද විවාද කළා. අධ්‍යාපනය පිළිබඳ දැනුමක්, ඒ වගේම විශාල අත්දැකීම් සම්භාරයක් තිබෙන අය සමග දීර්ඝ වශයෙන් කතාබහ කළා. එවන්

අයගේ නිර්දේශ බොහොමයක් මා අද ඔබට මේ අවස්ථාවේදී ඉදිරිපත් කළා. අතීතයට වඩා වර්තමානයේ බොහෝ දෑ එකිනෙකට සම්බන්ධ වී තිබෙනවා. අද චීනයේ පැතිර යන වෛරසය අවුරුදු 30 කට පෙර තිබුණා නම් මේ ගැන අපට දැන ගන්නටවත් ලැබෙන්නේ නැහැ. ඒ කාලයේදී අපේ රටට සංචාරකයන් එතරම් නොපැමිණි නිසා එවැනි රෝගයක් පැතිර යෑමක්, බලපෑමක් ඇති වන එකක් නැහැ. ඒ වුණාට අද මේ තත්ත්වය බොහෝ වෙනස්. අපේ බොහෝ දරුවන් අද චීනයේ නොයෙකුත් ප‍්‍රාන්තවල ඉගෙනුම ලබනවා. ඒ වගේම අපේ බොහෝ ව්‍යාපාරිකයින් තම ව්‍යාපාර කටයුතු සඳහා චීනයට නිතරම යනවා. අනෙක් පැත්තෙන් ගත් විට සංචාරකයින් විශාල ප‍්‍රමාණයක් චීනයෙන් අප රටට එනවා. සමහරු මෙහි වැඩටත් පැමිණෙනවා. ගෝලීයකරණය නිසා මේ සියලූ දේ අද සිදුවෙමින් පවතිනවා.

ගෝලීයකරණය තුළ අපේ දරුවන් සන්නිවේදනය පිළිබඳ මනා නිපුණත්වයක් ලැබිය යුතු වෙනවා. සෑම දරුවෙකුටම අපේ පාසල් තුලින් ගෝලීය භාෂාවක් වූ ඉංග‍්‍රීසි භාෂාව හොඳින් ඉගැන්වීමට කටයුතු යොදන්නට ඕනෑ. සමහරවිට සමහරුන් මතයක් දරාවි එවැනි සුදුසු පුහුණු ගුරුවරුන් නොමැති බවට. ඒ මානසිකත්වය තුළ සිටියොත් අපට තව පරම්පරා ගණනාවකටවත් මෙය කරන්නට වෙන්නේ නැහැ. ඒ වෙනුවට ඉදිරි පරම්පරාව ගැන ගැඹුරින් සිතා දැඩි පියවර ගැනීමට අපට සිදුවෙනවා. තාක්ෂණික හා දුරස්ථ අධ්‍යාපන ක‍්‍රමවේදයක් පාවිච්චි කරමින් අඩු මුදලකින් කෙටි කාලයක් තුළ අපි දිවයින පුරා දරුවන්ට ඉංග‍්‍රීසි භාෂාව ඉගැන්විය යුතුව තිබෙනවා. ඒ වගේම ගණිතය සහ විද්‍යා අංශයෙනුත් අප දරුවන් ඉදිරියට ගෙන යා යුතු වෙනවා. එම අංශ වලින් අපි බොහෝ දරුවන්ට අවස්ථා නැති බවක් මට පෙනී ගොස් තිබෙනවා. අපේ අධ්‍යාපන පද්ධතිය මේ සඳහා යොදා ගන්නට නොහැකි නම් ඉදිරියේදී අපට තිබෙන ආර්ථික අභියෝග ජයගන්නට අපට නොහැකි වෙනවා.

21 වන සියවස හඳුන්වන්නේ ”දැනුමේ සියවස’’ ලෙසයි. මෙය ශ‍්‍රී ලංකාවට තිබෙන දැවැන්ත අවස්ථාවක්. අපට ස්වභාවික සම්පත් නැහැ. ඒ වගේම අපට බොහෝ දියුණු වූ කර්මාන්ත නැහැ. එපමණක් නොවෙයි අඩු වැටුප් ලබන ශ‍්‍රම බලකායක් නැහැ. මේ සියල්ල නිෂ්පාදන කර්මාන්ත සඳහා අවශ්‍ය වන දේවල්. වාසනාවකට අපට ඉන්නවා බුද්ධිමත් ඉහළ ගණයේ ශ‍්‍රම බලකායක්. මෙයින් අප උපරිම ප‍්‍රයෝජන ගතයුතුයි. අපේ අධ්‍යාපන පද්ධතියෙන් පිටවන ශිෂ්‍යයන්ට සුදුසු පුහුණුවක් ලැබුණහොත් එම ඕනෑම අවස්ථාවකදී මුහුණදීමට ඔවුන්ට හැකියාව ලැබෙනවා. ඒ නිසා අපට මේ පුහුණු අවස්ථා ගැන නැවතත් සිතා බලන්නට වෙනවා. දශක ගණනාවක් තිස්සේ අපේ තරුණ දරුවන් එක් අවාසනාවන්ත ප‍්‍රවාහයකට හසු වී තිබෙනවා. අවදානමක් ගෙන යම් කටයුත්තක් කිරීමට මේ දරුවන් විශාල අකමැත්තක් දක්වනවා. අද ලෝකයේ ඉතා

සාර්ථක ව්‍යාපාරිකයින් හිනිපෙත්තට නැග තිබෙන්නේ සාර්ථකත්වය සඳහා යෑමට යම් අවදානමක් ගැනීමට හැකියාව තිබූ නිසයි. ඔවුන් බොහෝවිට ඉදිරි පෙළ සිටි සිසුන් නොවේ.

මේ නිසා අපේ දරුවන් සැකයෙන් හා බියෙන් තොරව අවිශ්වාසය මුසු නොකොට තීරණ ගෙන අවදානම් සහිත දේවලට යොමු කිරීමට අප කටයුතු කළ යුතුයි. නමුත් අපේ රටේ බොහෝ විශ්වවිද්‍යාල උපාධිධාරින් අඩු වැටුප් සහිත රජයේ රැුකියාවන් ලබා ගන්නට පෙළ ගැසෙනවා මිස, පෞද්ගලික අංශයේ තිබෙන ඉහළ වැටුප් ලැබෙන රැුකියා ලබා ගැනීමට අකමැත්තක් දක්වනවා. මෙය සමහර විට රජයේ රැුකියාවල විශ‍්‍රාම වැටුප් ලැබෙන නිසා වන්නට පුළුවන්. මේ තත්ත්වය පරාජිත මානසිකත්වයක් තිබෙන තත්ත්වයක්. වයස අවුරුදු 23 හෝ 24 දී

තමන්ගේ අනාගතය තමන් වයස අවුරුදු 60 වූ විට ලැබෙන විශ‍්‍රාම වැටුප දෙස බලා තීරණය කිරිම සුදුසු වන්නේ නැහැ. මේ වෙනුවට අපේ දරුවන් අරමුණු කළයුත්තේ සුභවාදී තීරණ ගෙන ලැබෙන අවස්ථාවන් වලින් උපරිම ප‍්‍රයෝජන ගැනීමයි. මේ සඳහා අපි අධ්‍යාපන ක‍්‍රමයම වෙනස් කළයුතු වෙනවා.

අපි තවදුරටත් දියුණු වෙමින් පවතින රටක් කියන මානසිකත්වයෙන් ඉවත් වී සැබෑ දියුණුව අත්කරගන්නට නම් අපට ඒ සඳහා දැක්මක් හා සැලැස්මක් තිබිය යුතුයි. අද අපට එය තිබෙනවා. නමුත් අපට ඉදිරියේදී කරන්නට වැඩ රාශියක් තිබෙනවා, ජය ගන්නට අභියෝග රාශියක් තිබෙනවා. අතීතයේ අපි බරපතළ අභියෝග ජයගත් ජාතියක්, අනාගතයේත් අපට එය කළ හැකියි. ඒ සඳහා අපට අවශ්‍ය වන්නේ එකමුතුකම හා නිසි නායකත්වයයි. ආනන්දීයන් හැමදාමත් රටට අවශ්‍ය වූ විට නායකත්වය සැපයූවා. අදත් රටට ඔබේ නායකත්වය අවශ්‍යව තිබෙනවා. ආනන්දියන් වන අපි සියලූ දෙනාම අපේ පාසලට ආදරය කරනවා. අපේ ජාතියට ආදරය කරනවා. අපේ රටට ආදරය කරනවා. ඒ නිසා දේශපේ‍්‍රමී අනඳ පුතුන් ලෙස එකට එක්වී ඉදිරියට විත් ජාතිය

ගොඩනැගීමේ වැඩපිළිවෙලට ක‍්‍රියාකාරීව එකතුවන ලෙස ඔබ සියලූ දෙනාටම ආරාධනය කරනවා.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.