අද රාති‍්‍රයේ සිට පරිප්පු කිලෝව රු. 65යි – සැමන් ටින් එකක් රු. 100යි – ජනපති

ජනපතිවරයා කියා සිටියේ රටේ ව්‍යාපාර කටයුතුවලට විශාල බරක් වී ඇති බැංකු හා මූල්‍ය ආයතන විසින් දී ඇති ණය අය කිරීම මාස 6කට නතර කිරීමට තමා නියෝග කර ඇති බවත් එලෙසම බැංකු විසින් සපයන කාරක ප්‍රාග්ධනය 4‍්‍%ක පොළියකට ලබාදීමට කටයුතු කරන බවත්ය .

සෑම වෙළෙඳ සැලකම අද (17) රාත්‍රියේ සිට පරිප්පු කිලෝවක් රුපියල් 65ක උපරිම සිල්ලර මිලකට විකිණිමටත් සැමන් ටින් එකක් රුපියල් 100කට ලබා දීමටත් කටයුතු කරන බවත් ජනතාවට සහන ලබාදීමට ඉදිරියේදි කටයුතු කරන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි

කෝවිඩ් – 19 වෛරස් තත්ත්වය මැඬළීම උදෙසා රජය ගෙන ඇති පියවර හා එහි වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අ​ද (17) ජාතිය අමතා කළ විශේෂ ප්‍රකාශයේදී මේ බව සදහන් කළේය.

එහිදී ජනපතිවරයා කියා සිටියේ රටේ ව්‍යාපාර කටයුතුවලට විශාල බරක් වී ඇති බැංකු හා මූල්‍ය ආයතන විසින් දී ඇති ණය අය කිරීම මාස 6කට නතර කිරීමට තමා නියෝග කර ඇති බවත් එලෙසම බැංකු විසින් සපයන කාරක ප්‍රාග්ධනය 4‍්‍%ක පොළියකට ලබාදීමට කටයුතු කරන බවත්ය .

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *