වියත් මග සංවිධානය හරහා මෙවර මහ මැතිවරණයට ගම්පහ දිස්ත්‍රික්කයේ පොහොට්ටුවෙන් තරග වැදීමට අපෙක්ෂාවෙන් සිටින ආචාර්ය නාලක ගොඩහේවා මහතා පසුගිය බ්‍රහස්පතින්දා (27) ගම්පහ බණ්ඩාරවත්තේ පිහිටි සරණ ගුණවර්ධන මහතාට අයත් නිවසට කුලී පදනම යටතේ පදිංචියට ගියේය.
එදින උදෑසන මහා සංඝරත්නය විෂයෙහි විශේෂ දානමය පුන්‍යකර්මයක්ද එම නිවසේ පවත්වා තිබේ. එදින අගමැති මහින්ද රාජපක්ෂ මහතා පහළ යාගොඩ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයට පැමිණි අතර නාලක හා සරණගේ බලාපොරොත්තුව වී ඇත්තේ විනාඩියකට හෝ අගමැතිවරයා මෙම නිවසට ගෙන්වා ගැනීමය.
මුදුන්ගොඩ ප්‍රදේශයේ ක්‍රීඩාංගනයක් අසල සරණ ගුණවර්ධන මහතා රැදී සිට ඇත්තේ අගමැතිවරයා ගුවනින් පැමිණියහොත් අගමැතිවරයාව තත්පරයකට හෝ නාලක ගොඩහේවා මහතාගේ ගෙට ගෙවදීමේ උත්සවයට කැටුව යාමටය. එහෙත් අගමැතිවරයා ගුවන් මගින් නොපැමිණි බැවින් එම උත්සහාය ව්‍යාර්තව ගොස් ඇත.
ජනාධිපතිවරයාගේ සමිපතමයෙකු ලෙස පෙනී සිටින ගොඩහේවා මහතාගේ නිවසේ පැවති උත්සවයට අගමැතිවරයාගේ නොපැමිණීම ගොඩහේවා මහතාගේ දැඩි කනස්සල්ලට හේතු වී ඇතැයි දැනගන්නට ඇත.
සරණ ගුණවර්ධන හිටපු නියෝජ්‍ය ඇමතිවරයාට ගම්පහ දිස්ත්‍රික්කයේ ඇත්තේ යහපත් පිලිගැනීමක් නොවේ. ඔහු මෙවර මහා මැතිවරණයේ අපෙක්ෂක ලැයිස්තුවෙන් ඉවත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව පොදුජන පෙරමුණු ඉහළ පෙලේ ආරංචි මාර්ග අවධාරණය කරයි.
කප්පම් ගැනීම වැනි සිදුවීම් ගනනාවකටම කුප්රකටවී සිටින සරණ ගුණවර්ධන මහතා සිය මැතිවරණ ව්‍යාපාරයට දායක කර ගැනීම පිළිබදව ආචාර්ය නාලක ගොඩහේවා මහතාට ප්‍රදේශයේ විද්වතුන් රැසකගෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබේ. ගොඩහේවා මහතා සරණ ගුණවර්ධන හිටපු නියෝජ්‍ය ඇමතිවරයාගේ නිවසේ පදිංචියට යන්නේ එම වරෝධය ඇති පසුබිමක වීම විශේෂත්වයකි.