රට තුළ ක්‍රියාත්මක සෞඛ්‍ය ආරක්ෂණ වැඩපිළිවෙළ ශක්තිමත්ව තව දුරටත් ඉදිරියට රැගෙන යාමේ අරමුණෙන් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස ලබා දුන් උපදෙස් පරිදි ආනයනික මුඛ ආවරණ සහ ආනයනික විෂබීජ නාශක සඳහා මෙතෙක් අය කෙරුණු තීරු බද්ද සහ අනෙකුත් බදු අද (18) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට රජය තීරණය කර තිබේ.
ඒ අනුව අදාළ ආනයනික භාණ්ඩ විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනතට යටත් කර ඇත.
දැනට රට තුළ ක්‍රියාත්මක සෞඛ්‍ය ආරක්ෂණ වැඩපිළිවෙළ හේතුවෙන් අදාළ භාණ්ඩ වෙත ඇති වී තිබෙන අධික ඉල්ලුම සැලකිල්ලට ගනිමින් මුදල් අමාත්‍යවරයා මෙම තීරණය ගෙන තිබේ.