නව කොරෝනා වෛරස රෝග තත්වය පාලනය කිරීම සඳහා දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරානයේ සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙන ගුවන් මගීන් නීරෝධායනය කිරීම හෙට (10) අලුයම 4.00 සිට ආරම්භ කිරීමට නියමිත බව කටුනායක ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පවසනවා.
ඔහු සදහන් කළේ හෙට දින අලුයම 4.00ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙන පළමු ගුවන් යානය වන කොරියානු ගුවන් සේවයට අයත් කේ.ඊ.- 473 දරණ ගුවන් යානයෙන් පැමිණෙන ගුවන් මගීන් පිරිස මෙම නීරෝධායන ක්‍රියාවලියට යොමු කිරීමට නියමිත බවයි.
මෙම පිරිස සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සූදානම් කර ඇති විශේෂ බස් රථ මගින් මඩකලපුව ” බැටිකලෝ කැම්පස්” වෙත රැගෙන යෑමට අවශ්‍ය කටයුතු මේ වනවිට සකස් කර ඇති බවද එහිදී ඔවුන් දින 15 ක අධීක්ෂණ කාලයක් නීරෝධායනය කිරීමෙන් පසුව ඔවුන්ගේ නිවෙස් වෙත යොමු කිරීමට නියමිතය බව ද කටුනායක ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පවසනවා.